URGENT ATTENTION!

Save Humanism and Human World - by Ajith Rohan J.T.F.

Towards a Complementary Humanism    Common Objective   "Save humanity and the human world." By "human world," we refer t...

Tuesday, 19 January 2016

Get up and tell us who you are (a story on Nikita khrushchev) - Ajith Rohan JTF

 

දෙපය්න් හිටගෙන ඔබ කවුද කියා කියන්න! (කීම සහ කිරීම අතරේ වෙනස)

නිකීත කෘශෙෆ් (Nikita Khrushchev 1894-1971) ස්ටාලින් වාදය අවසන් කිරීමට මුල්වූ, සොවියට් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වශයෙන් ද කටයුතු කළ, දක්ෂ දේශපාලකයෙකි, සිවිල් සේවකයෙකි. 

ඔහු ස්ටාලින් යුගය පිලිබඳ ඔහුහේ ප්‍රසිද්ධ සමාලෝචනය (25. 02. 1956 ක්‍රෙම්ලින්) කරගෙන යන විට, සභාවේ සිටි අයෙක්: “ස්ටාලින් මේ ඔක්කොම අහිංසක මිනිසුන් මරා දමන කොට, ඔබ කොහෙද හිටියේ කෘශෙෆ් සහෝදරයා” යනුවෙන් ඇසීය.

කෘශෙෆ්, කතාව නවතා, “කරුණා කරලා ඒ ප්‍රකාශය කළ මහත්මයා නැගිටින්න” ය් කිවේය. 


මහා දැඩි නිහඬ බවක් සහ පීඩනයක් මිස සභාවේ කිසිවෙකුත් හුස්ම ගන්න හඬක් හෝ නොනැඟුවෝය. එනම්, ඉහත ප්‍රකාශයෙ වගකීම ගන්නට කිසිවෙක් හෝ නැගි සිටියේ නැත. 


මේ අනුව කට හඬ අවදි කළ කෘශෙෆ් මෙසේ පිළිතුරු දුන්නේය: “හොඳය්, එහෙනම්, ඔන්න දැන් මගේ පිළිතුර ඔබට දෙන්නම්. එදා මම හිටියේ ඔබ (ඉහත ප්‍රකාශය කළ) දැන් සිටිනවා හා සමාන ම තත්වයකය් ”. 

 
උගත හැකි පාඩම: ඕනෑම ව්‍යුහයක් (සමාජ, දේශපාලනික, ආර්ථික, සංස්කෘතික) සම්බන්ධව සත්‍යය පැවසීමට නිර්භීත කම සහ ධය්ර්යය තිබිය යුතුය. නමුත්, යම් ව්‍යුහයක වැරදි පෙන්වා ඒ සත්‍යයට අනුව පියවර ගන්න ඉදිරිපත් වීමට, ඊටත් වඩා ශක්තිය, ධය්ර්යය සහ නිර්භීත කම අවශ්‍ය වේ.
"කීම සහ කිරිම අතරේ පරතරය මෙය වේ. ඒ මහා මුහුද තරම් වේ යය් ඉතාලි බසින් කියනු ලැබේ. - tra dire e fare, c'è di mezzo il mare".

1815 Agreement, pro-Western governments and Sinhala traitors

 

1815 උඩරට ගිවිසුම, බටහිර ගැති ආණ්ඩු සහ සිංහලේ ද්‍රෝහියෝ (අංක 03)

 

1815 සහ අද 2015 සිංහලේ අතර වෙනස?

1815 මාර්තු 02 දා සිදු වුයේ, මහනුවර මගුල් මඩුවේදී උඩරට ප්‍රභූන් විසින් අත්සන් කරන ලද ගිවිසුමට අනුව සිංහලේ, බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට සිය කැමැත්තෙන්ම භාර දීමය. මෙසේ සියතින් ගෙල සිඳ ගැනීමෙන්, සැබවින් ම සිංහලේ ප්‍රභූ පැලැන්තියේ දේශපාලන අපරිණත බව මොනවට පැහැදිලි වේ. ඔවුන්ගේ දැක්ම අශ්වයන්ගේ තරම් වූ බව පෙනේ (නියම කළ, දෙන ලද ප්‍රදේශය හැර කිසිත් නොපෙනීම). ඔවුහු හැකි ඉක්මනින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතුළු නායක්කාර වංශිකයෝ රටින් පිටමන් කරව ගැනීමේ අවැසිතාව වෙනුවෙන් ක්‍රියා කළෝ මිස, තම බටහිර සතුරාගේ තරම ගැන දැන නොසිටි බව පැහැදිලිය. එය අද ද එසේ ම බැව් සක් සුදක් සේ පැහැදිලිව පෙනේ. තවමත් සිංහලේ දේශපාලනය කරන්නෝ ඉංග්‍රීසින්ගේ (සහ පොදුවේ බටහිර) ආශීර්වාද ලද්දෝ විය යුතුය (හෝ එසේ සිතති ඒ අනුව කරති). ඒ අයුරින්, ඉංග්‍රීසින්ට (බටහිරට) තවදුරටත් තම යටත් විජිතයට අණ කරන්නට හැකියාව ලබා දෙන්නට අමතක කර නැත (තාන්න මාන්න හා වාසි වෙනුවෙන්). උදාහරණයකට 1948 න් පසු සිංහලේ පාලනය කළෝ ඉංග්‍රීසි ගැතියෝ හෝ ඉංග්‍රීසින්ට කුමන අයුරින් හෝ කීකරු වුවෝ වෙති. උදාහරණයකට, බණ්ඩාරනායකවරු සිය ඇන්ග්ලිකන් භක්තිය (ඉංග්‍රීසින්ගේ ආගම), සිංහල බෞද්ධ නම් වූ වෙස් මුහුනින් වසාගෙන රට කළෝ විය. ඔවුන්ගේ තෝතැන්න එංගලන්තේ බව අදටත් කාටත් දැක ගත හැකි දෙයකි. ඔවුන්ගේ දරු මුණුබුරෝ එක්කෝ දැනටමත් ඉංග්‍රීසි කාරයෝ වී ඇත නැතහොත් ඉංග්‍රීසින් ලවා ඔලුව හෝදාගෙන ඇත. අනෙක් පැත්තෙන්, හැකි හැම විටම, අදටත්, සිංහලේ දේශපාලකයන් සහ ඇති හැකි සෑම සාමාන්‍ය සිංහලයෙක් ම හීන මවන්නේ ද තම දරුවෙක්, මුනුබුරෙක් සුද්දන්ගේ තුන්වෙනි පන්තියේ (බ්‍රිතාන්‍යයේ සහ පොදුවේ බටහිර, පන්ති සහ ඇති හැකි තත්වය අනුව පාසල් සහ විශ්ව විද්‍යාල පවත්වාගෙන යන බව මේ ලිපිය කියවන අය දන්නේ යය් උපකල්පනය කරමු) හෝ පාසලක ට විශ්ව විද්‍යාලයකට මොන තරම් විශාල මුදලක් හෝ දෙමින් ඇතුල් කර ඉංග්‍රීසි පන්නෙට ඇති දැඩි කරවාගෙන, පම්පෝරි ගසන්නටය. මේ තරමට සිහලයෝ සහ සිංහලේ ජිවත් වන අනෙකුත් ජාතින් ඉංග්‍රීසින්ට ගැතිව කටයුතු කරන බව පැහැදිළි ය. මේ මගින්, සිංහලේ මිනිසුන් ට ජන්මයෙන් ලැබුණු “ප්‍රභූ වන්දනා” ගතියෙන් ප්‍රයෝජන ගෙන රටේ රජ වෙන්නට හෝ ජනතා මුදලින් යැපෙන්නට (රජයේ රැකියා, දේශපාලනය ආදී දේ ඔස්සේ) මගක් ලබා ගන්නට උත්සහ කරන බව ද නොරහසෙකි. මේ අනුව, “ඇතුලෙත් ගැට, පිටත් ගැට” යය් කිවොත් නිවැරදි බව අපගේ හැඟීමය්. මුළු රටම තරඟෙට සුද්දන්ට ගැති කම් කරන බව පැහැදිළිය. එය විවිධ අයුරින් සිදු වන අතර ඒ ගැන වැටහීමක් ලැබීම වැදගත් වේ. 

(මුළු ලිපියම කියවන්න කැමති නම් ඊ මේල් එකක් මගින් ඉල්ලන්න. මෙතනින් මේ ලිපි කෙටියෙන් පමණක් පල කරමු. If somebody desires to read in english, kindly send us an email. you can find the e-mail contact space on the side bar).

Temporal Military State for Sri Lanka - Ajith Rohan JTF

 

1. සිංහලේ ට තාවකාලික හමුදා රජයක්

1.1. සිංහලේ හෝ ශ්‍රී ලංකා හෝ කුමන හෝ නමෙකින් හැඳින්වුවත්, බුදු දසුන ආලෝකය කරගෙන මේ රටේ ඉතිහාසය ට සහ සංස්කෘතිය ට පදනම් දැම්මෝ පැරණි සිංහලයෝ මැ වෙති. වත්මනෙහි, සිංහලයෝ බටහිර සංස්කෘතියෙන් සහ නොයෙක් උපක්‍රම මගින් අනන්‍යතාවක් නැති, පිට කොන්දක් නැති අවජාතකයන් බවට පත් කර සිටිති (මේ අනුව බලන කල, ඉස්ලාම්, තම අනන්‍යතාවය රැක ගැනීම සඳහා සටන් වැදීම අගය කරමු. සංස්කෘතික හා ජාතික වශයෙන් අවජාතක විමට වඩා, සටන් වැදී ම හෝ රට හැර යාම යෙහෙකි). අද සිංහලයෝ තම රට ජාතිය නොහඳුනති. ඔවුන් බටහිරයන් පුරුදු කළ ආකාරයට, නමුත්, කිසිම බටහිර රටක නැති සහජීවනයක්, සංහිඳියාවක් ගැන සිහිනෙන් මෙන් නමුත් මරුවිකලෙන් දොඩවති. මේ තත්වයෝ එනම් ජාතික සමගිය, සහජීවනය, සංහිදියාව, ආදී සියල්ල තහවුරු විය යුත්තේ ව්‍යවස්ථාවකින් තහවුරු වූ බලවත් වූ රටක පමණි. එසේ නොවූ කළ මේ සියල්ල උගුල් සහ බටහිරයන්ගේ උපක්‍රම ම වෙති. සිංහලයෝ, තම දු දරුවන් නොහඳුන න තත්වයට පැමිණ ඇත. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ට ලිංගික අඩත්තේට්ටම් කරන තැන ට රට කරවන තැන ද පත් වී ඇත. මොවුහු රට ගැන ජාතිය ගැන නොසිතති. පොදුවේ ජාතියක් වශයෙන් එක් විය යුතු අවස්ථාවේ වෙන් වී බෙදී කටයුතු කරති. කෙටියෙන්ම ඔවුන්ට රටක් ඇතය් කියා හෝ නොහඟීති. 

1.2. මෙවන් වාතාවරණයක දී සිංහලේ ප්‍රශ්න වල ට විසදුමක් දීමට හැකියාව ඇත්තේ මේ වෙනුවෙන් පිහිටුවාගන්න තාවකාලික හමුදා රජයක ට පමණි. නමුත්, මේ ෆිස්කල් මිලිටරි රජයක් නොවී, රටේ පවතින ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා සිමා නියම කළ බලවත් රජයක් විය යුතුය. මෙහිදී විශේෂයෙන් රටට සිදුවන බාහිර ඇඟිලි ගැසීම් (බටහිර සහ ඉන්දියාව) වහාම නැවත්වීම හෝ ඒවා නොසලකා හැර කටයුතු කළ යුතුය. රට එක ව්‍යවස්ථාවක් එක භාෂාවක් (සිංහල) සහ පොදු එක සංස්කෘතියක් (බෞද්ධ සංස්කෘතිය) යටතේ එක්සේසත් කළ යුතුය. එසේ නැතහොත් (දෙවන විසඳුමක් ලෙස), බලවත්, සිංහල රජයක් පත්කර ගත යුතුය. මේ සඳහා සිංහලයන් එකමුතුව නමුත් ප්‍රජාතන්ත්‍රවාදීව වෙන්ව සටන් කළත් එක්වි රට එක්සේසත් කරන්නට කටයුතු කළ යුතුය (ආත්මාර්ථයෙන් නොව රට වෙනුවෙන් පමණක් මැ සිතා එක්වි කටයුතු කළ යුතුය). නමුත්, ගැන අප තුළ බලවත් දෙගිඩියාවක් පමණක් ඇතිවේ. එනම්, මෙම දෙවන කරුණ ගැන අප එතරම් විශ්වාසය නොතබමු. මන්දයත්, සිංහලයෝ සමගි කරන්නට හෝ එක මාර්ගයකට ගන්න ට හෝ බැරි, එකිනෙකාට විරුද්ධව කා කොටා ගන්නා ප්‍රාථමික මනසකින් ක්‍රියා කරන්නෝ බැවිනි. 

1.3. අභියෝගය 

නමුත්, වත්මන් ත්‍රිවිධ හමුදාවේ මේ වගේ නිර්භීත, සිංහලේට ආදරය කරන දක්ෂ සහ ඥානවන්ත හමුදා නිලධාරීන් සිටීද?