Tuesday, 19 January 2016

Get up and tell us who you are (a story on Nikita khrushchev) - Ajith Rohan JTF

 

දෙපය්න් හිටගෙන ඔබ කවුද කියා කියන්න! (කීම සහ කිරීම අතරේ වෙනස)

නිකීත කෘශෙෆ් (Nikita Khrushchev 1894-1971) ස්ටාලින් වාදය අවසන් කිරීමට මුල්වූ, සොවියට් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වශයෙන් ද කටයුතු කළ, දක්ෂ දේශපාලකයෙකි, සිවිල් සේවකයෙකි. 

ඔහු ස්ටාලින් යුගය පිලිබඳ ඔහුහේ ප්‍රසිද්ධ සමාලෝචනය (25. 02. 1956 ක්‍රෙම්ලින්) කරගෙන යන විට, සභාවේ සිටි අයෙක්: “ස්ටාලින් මේ ඔක්කොම අහිංසක මිනිසුන් මරා දමන කොට, ඔබ කොහෙද හිටියේ කෘශෙෆ් සහෝදරයා” යනුවෙන් ඇසීය.

කෘශෙෆ්, කතාව නවතා, “කරුණා කරලා ඒ ප්‍රකාශය කළ මහත්මයා නැගිටින්න” ය් කිවේය. 


මහා දැඩි නිහඬ බවක් සහ පීඩනයක් මිස සභාවේ කිසිවෙකුත් හුස්ම ගන්න හඬක් හෝ නොනැඟුවෝය. එනම්, ඉහත ප්‍රකාශයෙ වගකීම ගන්නට කිසිවෙක් හෝ නැගි සිටියේ නැත. 


මේ අනුව කට හඬ අවදි කළ කෘශෙෆ් මෙසේ පිළිතුරු දුන්නේය: “හොඳය්, එහෙනම්, ඔන්න දැන් මගේ පිළිතුර ඔබට දෙන්නම්. එදා මම හිටියේ ඔබ (ඉහත ප්‍රකාශය කළ) දැන් සිටිනවා හා සමාන ම තත්වයකය් ”. 

 
උගත හැකි පාඩම: ඕනෑම ව්‍යුහයක් (සමාජ, දේශපාලනික, ආර්ථික, සංස්කෘතික) සම්බන්ධව සත්‍යය පැවසීමට නිර්භීත කම සහ ධය්ර්යය තිබිය යුතුය. නමුත්, යම් ව්‍යුහයක වැරදි පෙන්වා ඒ සත්‍යයට අනුව පියවර ගන්න ඉදිරිපත් වීමට, ඊටත් වඩා ශක්තිය, ධය්ර්යය සහ නිර්භීත කම අවශ්‍ය වේ.
"කීම සහ කිරිම අතරේ පරතරය මෙය වේ. ඒ මහා මුහුද තරම් වේ යය් ඉතාලි බසින් කියනු ලැබේ. - tra dire e fare, c'è di mezzo il mare".

1815 Agreement, pro-Western governments and Sinhala traitors

 

1815 උඩරට ගිවිසුම, බටහිර ගැති ආණ්ඩු සහ සිංහලේ ද්‍රෝහියෝ (අංක 03)

 

1815 සහ අද 2015 සිංහලේ අතර වෙනස?

1815 මාර්තු 02 දා සිදු වුයේ, මහනුවර මගුල් මඩුවේදී උඩරට ප්‍රභූන් විසින් අත්සන් කරන ලද ගිවිසුමට අනුව සිංහලේ, බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට සිය කැමැත්තෙන්ම භාර දීමය. මෙසේ සියතින් ගෙල සිඳ ගැනීමෙන්, සැබවින් ම සිංහලේ ප්‍රභූ පැලැන්තියේ දේශපාලන අපරිණත බව මොනවට පැහැදිලි වේ. ඔවුන්ගේ දැක්ම අශ්වයන්ගේ තරම් වූ බව පෙනේ (නියම කළ, දෙන ලද ප්‍රදේශය හැර කිසිත් නොපෙනීම). ඔවුහු හැකි ඉක්මනින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතුළු නායක්කාර වංශිකයෝ රටින් පිටමන් කරව ගැනීමේ අවැසිතාව වෙනුවෙන් ක්‍රියා කළෝ මිස, තම බටහිර සතුරාගේ තරම ගැන දැන නොසිටි බව පැහැදිලිය. එය අද ද එසේ ම බැව් සක් සුදක් සේ පැහැදිලිව පෙනේ. තවමත් සිංහලේ දේශපාලනය කරන්නෝ ඉංග්‍රීසින්ගේ (සහ පොදුවේ බටහිර) ආශීර්වාද ලද්දෝ විය යුතුය (හෝ එසේ සිතති ඒ අනුව කරති). ඒ අයුරින්, ඉංග්‍රීසින්ට (බටහිරට) තවදුරටත් තම යටත් විජිතයට අණ කරන්නට හැකියාව ලබා දෙන්නට අමතක කර නැත (තාන්න මාන්න හා වාසි වෙනුවෙන්). උදාහරණයකට 1948 න් පසු සිංහලේ පාලනය කළෝ ඉංග්‍රීසි ගැතියෝ හෝ ඉංග්‍රීසින්ට කුමන අයුරින් හෝ කීකරු වුවෝ වෙති. උදාහරණයකට, බණ්ඩාරනායකවරු සිය ඇන්ග්ලිකන් භක්තිය (ඉංග්‍රීසින්ගේ ආගම), සිංහල බෞද්ධ නම් වූ වෙස් මුහුනින් වසාගෙන රට කළෝ විය. ඔවුන්ගේ තෝතැන්න එංගලන්තේ බව අදටත් කාටත් දැක ගත හැකි දෙයකි. ඔවුන්ගේ දරු මුණුබුරෝ එක්කෝ දැනටමත් ඉංග්‍රීසි කාරයෝ වී ඇත නැතහොත් ඉංග්‍රීසින් ලවා ඔලුව හෝදාගෙන ඇත. අනෙක් පැත්තෙන්, හැකි හැම විටම, අදටත්, සිංහලේ දේශපාලකයන් සහ ඇති හැකි සෑම සාමාන්‍ය සිංහලයෙක් ම හීන මවන්නේ ද තම දරුවෙක්, මුනුබුරෙක් සුද්දන්ගේ තුන්වෙනි පන්තියේ (බ්‍රිතාන්‍යයේ සහ පොදුවේ බටහිර, පන්ති සහ ඇති හැකි තත්වය අනුව පාසල් සහ විශ්ව විද්‍යාල පවත්වාගෙන යන බව මේ ලිපිය කියවන අය දන්නේ යය් උපකල්පනය කරමු) හෝ පාසලක ට විශ්ව විද්‍යාලයකට මොන තරම් විශාල මුදලක් හෝ දෙමින් ඇතුල් කර ඉංග්‍රීසි පන්නෙට ඇති දැඩි කරවාගෙන, පම්පෝරි ගසන්නටය. මේ තරමට සිහලයෝ සහ සිංහලේ ජිවත් වන අනෙකුත් ජාතින් ඉංග්‍රීසින්ට ගැතිව කටයුතු කරන බව පැහැදිළි ය. මේ මගින්, සිංහලේ මිනිසුන් ට ජන්මයෙන් ලැබුණු “ප්‍රභූ වන්දනා” ගතියෙන් ප්‍රයෝජන ගෙන රටේ රජ වෙන්නට හෝ ජනතා මුදලින් යැපෙන්නට (රජයේ රැකියා, දේශපාලනය ආදී දේ ඔස්සේ) මගක් ලබා ගන්නට උත්සහ කරන බව ද නොරහසෙකි. මේ අනුව, “ඇතුලෙත් ගැට, පිටත් ගැට” යය් කිවොත් නිවැරදි බව අපගේ හැඟීමය්. මුළු රටම තරඟෙට සුද්දන්ට ගැති කම් කරන බව පැහැදිළිය. එය විවිධ අයුරින් සිදු වන අතර ඒ ගැන වැටහීමක් ලැබීම වැදගත් වේ. 

(මුළු ලිපියම කියවන්න කැමති නම් ඊ මේල් එකක් මගින් ඉල්ලන්න. මෙතනින් මේ ලිපි කෙටියෙන් පමණක් පල කරමු. If somebody desires to read in english, kindly send us an email. you can find the e-mail contact space on the side bar).

Sunday, 10 January 2016

World Powerful and Rich Terrorist groups and West 01 - by Ajith Rohan JTF




ලොව දැනට සිටින ධනවත් සහ බලවත් ත්‍රස්තවාදී කණ්ඩායම් සහ බටහිර 01 

 

1. ත්‍රස්තවාදය නිර්වචනය කළ හැකිද

1.1. මේ සටහන ලියන මොහොත වන විට (10/01.2016) ත්‍රස්තවාදය හෝ ත්‍රස්‌තවදියා යන සංකල්ප නිශ්චිත ව වටහා ගැනීමට අපහසු වී ඇත. සැමදේම නිර්වචනය කරන බටහිර, ත්‍රස්තවාදය ගැන කුමන අදහසක් දරය් ද යන්න සොයා දැනගන්නට අප කළ උත්සාහය ව්‍යර්ථ වූ මුත්, මේ ගැන කෙටියෙන් නමුත්, පොදු සම්මුති වලින් බැහැරව, ස්වාධීනව හෝ සටහන් කරමි. ඒ ගොඩනැගෙන්නේ අපගේ පර්යේෂණ වල ප්‍රතිඵල නිසා ඒ ගැන අප සෑහිමට පත්වෙමු. නමුත්, අපගේ ක්‍රමය අනුව, නව ප්‍රශ්න අසමින් තව දුරටත් පර්යේෂණ කරන්නට ඉඩ තබමු.

1.2. ශ්‍රී ලංකාව, 2009 වසරේදී එක්තරා දුරකට නායකත්වය ට සහ භෞතික සම්පත් වලට පහර දීමෙන් LTTE ත්‍රස්තවාදය පාලනය කළේය. නමුත්, ත්‍රස්තවාදය සහ එහි අක්මුල් තවමත් පවතී. මේ වනවිට ඒවා දළුලමින් පවතී. ශ්‍රී ලංකාවේ ජනාධිපති, “නොබෙල් සාම ත්‍යාගය” ලබන්නට සිතා හෝ, හිටපු පාප් වරයෙකු අනුගමනය කරන්නට සිතා හෝ, (බටහිර ගැති, ප්‍රාදේශීය සහ ග්‍රාම්‍ය මනසක් ඇති කුරුමිට්ටෝ සම්මාන වලට මුව වී ලොක්කන්, යෝධයන් වෙන්නට සිතති පතති. මෙවන් ගැත්තෝ ශ්‍රී ලංකාවට හානියකි) මිනිමරු ත්‍රස්තවාදියෙකුට සමාව දී එතුමාගේ පදවි ප්‍රාප්තිය සැමරීම පිළිකුල් සහගත කටයුත්තෙකි. ජනපති බලතල යොදා කාට හෝ සමාව දෙන්නට උහුට හැකි වුවත්, එතුමා කළේ ශ්‍රී ලංකාවේ ජනතාව පවා දීමකි. අනෙක් පැත්තෙන් අපට එතුමාගේ පරස්පර විරෝධි සදාචාරාත්මක කතා, ජනතාව රැවටීමට කරන රඟපෑම් වල ප්‍රතිඵල සේ පෙනේ. 

1.3. ශ්‍රී ලංකාවේ ත්‍රස්තයෝ බටහිර ආධාර උපකාර සහ ආශීර්වාද ලැබුවෝ වෙති. එය අදටත් වෙනස් වී නැත.  මොවුන් සතුව තිබු යුධ ආයුධ සම්බන්ධව 03. 01. 2016 ඉරිදා දිවයින පුවත් පතේ වූ ලිපියට අනුව, පොදුවේ බටහිර රටවලට නිදහසට කිව හැකි යමක් වේදැය් සැක සහිතය්. නමුත්, ඔවුන්ට විරුද්ධව කළ හැකි දෙයක් ද නැත. මෙයට හේතුව කුමක්ද? බටහිර කරන වැරදි වලට ලොව කොතනකවත් නීති ක්‍රියාත්මක විමක් දක්නට නැත්තේ කුමන හේතුවක් නිසාද (“නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසාද”)? පොදුවේ ඉස්ලාම් ත්‍රස්තවාදය බටහිර විරෝධී බැවින් එයට අත්පොලසන් දීමට සිතේනම්, එය බටහිරට වලක්වන්නට හැකිද? මේ ගැන පසුවට සාකච්චා කරමු.  

1.4. කෙසේ වෙතත්, යම් රටක ජනතාව දැනුවත්ව, එකාවන්ව නැඟී සිටියොත්, බටහිරට ද කළ හැකි දෙයක් නැත. මේ ගැන අපට විශ්වාසය්. නමුත් ශ්‍රී ලංකාවේ ජනතාව එක් කිරීම “ලාහට ගෙම්බෝ එක්කරනවට” වඩා අපහසු දෙයකි. පළමුව, මේ ගැන ගැඹුරින් කතා කරන්නට පෙර, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මැඩලූ රජය සහ ත්‍රිවිධ හමුදාව, අපරාධ කරුවෝ වශයෙන් ශ්‍රී ලාංකිකයනට ඒත්තු ගන්වා ඇත. එය තව දුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අද බටහිර බලය මගින් ශ්‍රී ලාංකිකයින් ළවාම ඒ හමුදා නිලධාරීන් ට දඬුවම් ලබා දීමට තරම් ද්‍රවිඩ ත්‍රස්තයෝ සහ ඔවුන්ගේ මග යන්නෝ ක්‍රියා කරමින් සිටිති. ශ්‍රී ලාංකිකයෝ සැප (මර) නින්දේ සිටිති.

තව කොටසක් මි ළඟ අංකයෙන්.