URGENT ATTENTION!

Save Humanism and Human World - by Ajith Rohan J.T.F.

Towards a Complementary Humanism    Common Objective   "Save humanity and the human world." By "human world," we refer t...

Thursday, 2 June 2016

Janatha Vimukthi Peramuna (JVP), the invisible protectors of capitalism in Sri Lanka - Ajith Rohan JTF, Rome



අප කවුරුත් දන්නා පරිදි ජේ.වී.පී. පාක්ෂිකයන් ආරම්භයේ සිට පවත්වාගෙන ආ සමහර ස්ථාවරයෝ මෙතෙක් වෙනස් නොකළ බව පැහැදිලි කරුණකි. එනම්, ඔවුන් හැමවිට කොක්ක ගැසුවේ අන්ත දක්‍ෂිණාන්ශික සහ ධනවාදී දේශපාලන පක්ෂ සමග බව ඉතිහාසය මොනවට සාක්ෂි දරය් (වාමන්ශිකයන් සමග කෙටි දීගයන් කෑ බව කවුරුත් දනිති). ඔවුන්ගේ පරම සතුරා සැමවිට වාමාංශික දේශපාලනය ම විය. එසේම ඔවුන්ගේ රඟපෑමේ  දක්ෂකම් හොඳින් පෙන්වමින් ධනවාදයට, ධනවාදී රටවල් වලට බනිමින් පෙළපාලි යමින් සම්මන්ත්‍රණ තියමින් ජනතාව රවටන්නට උත්සහ කළ බව ඔවුන්ගේ ඉතිහාසය ම මොනවට සාක්ෂි දරය්. නමුත් ඔවුන් සැමවිට ධනවාදී රටවල සිටින ඔවුන්ගේ සාමාජිකයන් ඔස්සේ විදේශ මුදල් සොයා ගැනීමට පසුබට නොවූ බව අද නොරහසකි. 

ඔවුන් “කියුබාව”, “කස්ත්‍රෝ”, “චේ” ආදී වචන තැන තැන පිඹිති (කියති). නමුත් ඔවුන් කියුබාව සහ ශ්‍රී ලංකාව අතරත් එහි ජිවත් වන ජනතාවගේ මානසිකත්වය ගැනත් නොසලකා හරිති. ඔවුන් කලක් රුසියානු විප්ලවය ශ්‍රී ලංකාවේ කරන්නට උත්සහ කලෝය. නමුත් රුසියානුවෙක් සහ ශ්‍රී ලංකාවේ පුද්ගලයෙක් අතර ඇති ආකල්ප, වටිනාකම් සහ මානසිකත්ව වෙනස තුට්ටුවකට හෝ මායිම් කිරීමට හෝ මේ වෙනස්කම් ගැන නොදත්තෝය. අද කියූබාව ගැන කියන කතන්දර ද ඒ පරණ කතන්දර හා සමාන වේ. ඔවුන්ට “පැහැදිලි දර්ශනය” නම් වචනයක් ඇත. නමුත් එය “දර්ශනයකින් තොර” වුවකි. ඔවුන් ද අද දත කන්නේ, වම් සහ දකුණු පක්ෂ 1948 ඉඳල මාරුවෙන් මාරුවට රස බැලු මේ මල කඳ එකවරක් හෝ ජනතාවගේ මුදලින් බදාගෙන රස විඳීමටය්. ශ්‍රී ලංකාව මේ අනුව වේසියක් නම්, යමක් ලැබේදෝ කියා, දෙපා පළල් කරන ඇයට තමාගේ අවැසිතා ඉටු කරගත් පාහරයෝ, කිසිත් නොදී ඇගෙන් ඉවත්ව යනවිට ළඟ ඉන්න තවත් වෙසියක් හා දුක කියමින් හැඩිම හැර වෙනත් කිසිත් ඉතිරි නොවන බව අපට විශ්වාසය්. 

JVP සැමවිට දිනන අය ට කොක්ක ගැසූ ඔවුන් අද යූ.එන්.පී. ධනවාදී දේශපාලනය ඔස්සේ, බටහිර, තමනට අවනත නොවන රාජ්‍ය නායකයන් විනාශකරන නව සුත්‍රය වූ “දුෂණය ට එරෙහි සටන” නම් වූ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මුළු ශක්තියෙන් කටයුතු කරය්. මේ අනුව, ජේ.වී.පී. යනු ශ්‍රී ලංකාවේ ධනවාදයේ අදෘශ්‍යමාන ආරක්ෂක කණ්ඩායම ද? ඔවුන් බාලදක්ෂ කණ්ඩායම් සේ කටයුතු කිරීමට දක්ෂයෝ වෙති. දේශපාලනය කෙසේ වෙතත් සදාචාර ය උගන්වන තරුණ සංවිධානයක් සේ කටයුතු කරති. රණ්ඩුවට, වාදයට, විවාදයට එන්නේ ක්ෂණික කෝපයෙන් ගැටවරයන් මෙනී. මේ ගැටවර සටන් වලට ඔවුන් දක්ෂයෝ වෙති. ශ්‍රමදාන කරති. නමුත් ඔවුන් දේශපාලනය නොකරති. මොවුන් ධනවාදී දකුණේ පක්ෂ පවත්වාගෙන යන්නන් ට එරෙහි ජනතා සටන්න් දිය කර හරින්නෝ වෙති. මේ අනුව ජේ.වී.පී. ධනවාදය රැකදෙන අදෘශ්‍යමාන බලය බව පැහැදිලිය. මොවුන් සැමවිට ධනවාදය හංගාගෙන සමාජවාදයෙන් ජනතාව සමග කෙළින බව පැහැදිළිය.

Wednesday, 18 May 2016

SRI LANKA, 30 YEARS OF WAR, AND PEOPLE OF SRI LANKA - by Ajith Rohan JTF from Rome

ශ්‍රී ලංකාව, 30 වසරක යුද්ධය සහ 21 සියවසේ ශ්‍රී ලංකාවේ ජනතාව  


 1. ශ්‍රී ලංකාව බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටකි. එහි ම්ලේච්ච සහ වෛරී අදහස් වලට ඉඩක් නැත. එසේ වන්නේ නම් එය එම සංස්කෘතියෙන් එන්නෝ නොවෙති. ශ්‍රී ලංකාවේ ජනතාව බුදුන්ගේ උපත, බුදු වීම සහ පිරිනිවන් පෑම සිහිකරති සමරති. සෑම මසකම පෝය දින ඔවුන්ගේ සියලු පිළිවෙත් භාවනාත්මක සහ නිවුණු සැනසිලි ස්වභාවයෙන් යුතු වේ. මේ සිරිත් ආදියේ සිට පැමිණෙන්නෝ වෙති. මෙවන් ජන හදක් තුළ සතුරෙකුගේ මරණය සමරන දිනක් තිබිය නොහැක. එය සදාචාර සහ න්‍යාය විරෝධී වේ. එය කිසිදින ශ්‍රී ලංකාවේ ජනතාව සිතන හෝ පතන හෝ දෙයක් නොවේ.

2. වසර 30 තිස්සේ ශ්‍රී ලංකාවේ සිංහල ජනයා යුද්ධයක පැටලී සිටියෝය. අනෙක් ජාතීන්ද ඔවුනොවුන්ට හැඟෙන දැනෙන තරමට මෙයට විරුද්ධ විය. මේ යුද්ධය කවුරු කෙසේ කොහොම කිවත් සිංහල ජාතීයට සාපේක්ෂව ජාතිවාදී යුද්ධයක් නොවන බව අපි දනිමු. අපි කොළඹ සියලු ජාතින් සමග ජිවත් වෙමින් ද්‍රවිඩ ත්‍රස්තවාදයට විරුද්ධව අපගේ අසල්වාසී ද්‍රවිඩ අය සමග ද කතා කළෙමු. ඔවුන් අපගේ ජිවිතයේ කොටස් විය. ඒ ගැන කිසිදු වාදයක් නැත. නමුත් මේ 30 වසරක යුද්ධය ට හේතු බොහෝය. මේ සටහන ලියන අපගේ ඍජු අත්දැකීම අනුව, ද්‍රවිඩ සහ මුස්ලිම් අය අපට මතක් කරන තුරු අපී කිසි දිනක ඔවුන් වෙනස් හෝ පිටස්තරයෝ හෝ ජාතින් වශයෙන් නොසැලකිමු. අපගේ සොයුරියක් ද්‍රවිඩ ජාතිකයෙක් සමග විවාහ වීම මිට උදාහරණයකි. නමුත්, සිංහලයින්ගේ හැසිරීම යම් තාක් දුරට ද්‍රවිඩ (අනෙකුත් සිංහල නොවන නමුත් ශ්‍රී ලංකාවේ උපන් අය) අයට අපහසුවක් වුවා විය හැක. මේ ගැන අනුමාන කරනවා හැර වෙනත් ඍජු අත්දැකීමක් අපට නැත. ඔවුන්ගේ සිත් තුළ මේ සියල්ල එකිනෙක පැටලී, බල තන්හාව හා එක්වී, ශ්‍රී ලංකාව මත වූ බටහිර ඍජු පාලන කාලයේ සිට ඉබාගාතේ නමුත් වේගයෙන් ගොඩනැගුනු අස්ථාවර සමාජ -දේශපාලන-ආර්ථික සහ සංස්කෘතික තත්වය තුළ ත්‍රස්තවාදයක් බවට පත්විය.

3. සිංහල ජනයා ස්වභාවයෙන්ම කල කෝලාහාල වලට කැමැත්තෝ නොවෙති. ඔවුහු සැමවිට සමාදානය අපේක්ෂා කරති. සානුකම්පික වෙති. සතුරෙකුගේ වුව දුකෙහිදී පිහිට වන්නෝ වෙති. මෙය නියම සිංහල හැදියාවක් ඇති අයගේ සැබෑ ස්වාභාවයය්. එය අතිශයෝක්තියක් නොවේ. නමුත් අප පෙර කී සියවස් ගණනාවක් තිස්සේ පැවතුනු අස්ථාවර සමාජ -දේශපාලන-ආර්ථික සහ සංස්කෘතික තත්වය තුළ සිංහල අනන්‍යතාවයේ සදාචාරාත්මක ලක්ෂණද ගිලිහි ගොස් ඇති බව කාටත් පෙනේ. මේ ගැන වටහා ගැනීම ස්වයං විවේචනයකින් ඇරඹිය යුතුය. රැකියාව ඇසුරු කරගෙන නිර්මාණය කළ කුල භේදය, ජාති සහ ආගම් භේද අනිච්චානුගව ක්‍රියාත්මක වන බවක් පෙනේ. වඩාත්ම පැහැදිළිව මේ සියලු දේ සිදුවෙන්නේ තම වාසියට පමණක් බව ද පැහැදිලිව පෙනේ. අද ශ්‍රී ලංකාවේ සිංහලයෝ කෙසේ වෙතත් හින්ගලයෝ රජ කරති. මොවුන් ට සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන එහි ඉතිහාසය ගැන හැඟීමක් නැත. මේ කලවම් හින්ගලයෝ සිංහල රට විනාශ කරමින් සිටිති. මොවුහු කල දුටු කල වල ඉහගන්න ද්‍රෝහියෝ වෙති; බොරු කියන, රවටන, විශ්වාස කළ නොහැකි අය වෙති.

4. ඉදින්, ජනතාවගේ මුදලින් 30 වසරක යුද්ධය අවසන් කර, රට නැවතත් එක්සේසත් කළ සිද්ධිය සිහිපත් කිරීම වරදක් වශයෙන් දැකීම පුදුමයක් නොවේ. ජනතාව ට මේ ගැන අවබෝධයක් නැත. මධ්‍යම පන්තියේ ජනතාව සුපුරුදු පරිදි කරුණු හරී හැටි නොසොය මේ ගැන මැසිවිලි කියනු ඇත. සැබෑව නම් ප්‍රභාකරන් ඇතුළු ශ්‍රී ලංකාවේ පුරවැසියන් රටට ද්‍රෝහී වුවෝ යන්නය්. ඔවුන්, ඔවුන්ගේ සහෝදර සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සහ අනෙක් ජාතින් සිත් පිත් නැතිව මරා දැම්මෝය. ඔවුන්, ඔවුන් ඉපදුනු රට දෙකඩ කරන්නට සටන් කළෝය. ඔවුන්ගේ මග යන්නෝ අදත් ඒ ද්‍රෝහී කම ම කරගෙන යති. නමුත්, නියම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ මිනිසුන් සතුරෙකුගේ වත් මරනයෙන් සතුටු විය යුතු නොවේ. ඔවුහු ලේ පිපාසයෙන්, කේන්තිය, වෛරය තරහව සහ ද්වේශයෙන් පෙලෙන්නෝ නොවිය යුතුය. මේ අගති ඒ අගති අගයන ආගම් සහ ජාති වල ටම බාර දී සිහිය එලවා හොඳින් සැලසුම් කළ ස්ථාවර සමාජ -දේශපාලන-ආර්ථික සහ සංස්කෘතික තත්වයක් ගොඩනගන්නට කටයුතු කළ යුතුය. ද්‍රවිඩ, මුස්ලිම් සහ අනෙක් සියලු ජාතීන්ට රටේ සම අය්තින්, ශ්‍රී ලංකාවේ ඉපදුනු පුද්ගලයන් වශයෙන් සලකා ලබා දිය යුතුය. මේ රටේ ඉපදෙන ඕනෑම කෙනෙකුට, ජාති කුල ආගම් භේද වලින් තොරව තමාගේ රට වශයෙන් සිතන්නට අවැසි වාතාවරණය සැකසිය යුතුය. මේ කටයුත්ත සියලු ජාතින් එක්ව කළ යුතු දෙයකි. මුස්ලිම් හෝ ද්‍රවිඩ හෝ ජාතිකයෙක් ශ්‍රී ලංකාවේ නායකයා වීම වරදක් වන්නේ ජාතින් වශයෙන් බෙදී වෙන් වී කටයුතු කරන විටය. අපි සියලු දෙනා ශ්‍රී ලංකාවේ පුරවැසියෝ නම්, එකම ඉතිහාසයක් සහ වටිනාකම් බෙදාගන්නෝ නම් එවන් පැනයක් පැන නොනැගෙනු ඇත. අප පැමිණිය යුත්තේ එතනටය්.    

නිගමනය 

මේ අනුව, ශ්‍රී ලංකාව මේ දිනයේ සැමරිය යුත්තේ රට ට සහ රටේ සහෝදර ජනතාවට ද්‍රෝහී වූ ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් ඇතුළු බොහෝ ත්‍රස්තයෝ මරා දැමීම නොව, ඒ සියලු විනාශකාරී බලවේගයෝ මැඩ පැවැත්වූ සතුටය්. එසේ මැඩ පැවැත්වූයේ රටේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාවය රැක ගැනීම යුක්ති යුක්ත වන බැවිනි. මේ අනුව, සෑම මැය් මාසේ 18 දාකම ශ්‍රී ලංකාවේ පොහෝ දිනක් මෙන් සැමරිය හැකි නම් (පින්කම් ආදිය මගින් යුද්ධයෙන් අබල දුබල ව සිටින අයට උදව් කරමින්) එය මුළු මිනිස් සංහතියටම ආදර්ශයක් බව අපගේ විශ්වාසයය්.