URGENT ATTENTION!
Save Humanism and Human World - by Ajith Rohan J.T.F.
Towards a Complementary Humanism Common Objective "Save humanity and the human world." By "human world," we refer t...
Thursday, 9 June 2016
Wednesday, 8 June 2016
Thursday, 2 June 2016
Janatha Vimukthi Peramuna (JVP), the invisible protectors of capitalism in Sri Lanka - Ajith Rohan JTF, Rome
අප කවුරුත් දන්නා පරිදි ජේ.වී.පී. පාක්ෂිකයන් ආරම්භයේ සිට පවත්වාගෙන ආ සමහර ස්ථාවරයෝ මෙතෙක් වෙනස් නොකළ බව පැහැදිලි කරුණකි. එනම්, ඔවුන් හැමවිට කොක්ක ගැසුවේ අන්ත දක්‍ෂිණාන්ශික සහ ධනවාදී දේශපාලන පක්ෂ සමග බව ඉතිහාසය මොනවට සාක්ෂි දරය් (වාමන්ශිකයන් සමග කෙටි දීගයන් කෑ බව කවුරුත් දනිති). ඔවුන්ගේ පරම සතුරා සැමවිට වාමාංශික දේශපාලනය ම විය. එසේම ඔවුන්ගේ රඟපෑමේ දක්ෂකම් හොඳින් පෙන්වමින් ධනවාදයට, ධනවාදී රටවල් වලට බනිමින් පෙළපාලි යමින් සම්මන්ත්‍රණ තියමින් ජනතාව රවටන්නට උත්සහ කළ බව ඔවුන්ගේ ඉතිහාසය ම මොනවට සාක්ෂි දරය්. නමුත් ඔවුන් සැමවිට ධනවාදී රටවල සිටින ඔවුන්ගේ සාමාජිකයන් ඔස්සේ විදේශ මුදල් සොයා ගැනීමට පසුබට නොවූ බව අද නොරහසකි.
ඔවුන් “කියුබාව”, “කස්ත්‍රෝ”, “චේ” ආදී වචන තැන තැන පිඹිති (කියති). නමුත් ඔවුන් කියුබාව සහ ශ්‍රී ලංකාව අතරත් එහි ජිවත් වන ජනතාවගේ මානසිකත්වය ගැනත් නොසලකා හරිති. ඔවුන් කලක් රුසියානු විප්ලවය ශ්‍රී ලංකාවේ කරන්නට උත්සහ කලෝය. නමුත් රුසියානුවෙක් සහ ශ්‍රී ලංකාවේ පුද්ගලයෙක් අතර ඇති ආකල්ප, වටිනාකම් සහ මානසිකත්ව වෙනස තුට්ටුවකට හෝ මායිම් කිරීමට හෝ මේ වෙනස්කම් ගැන නොදත්තෝය. අද කියූබාව ගැන කියන කතන්දර ද ඒ පරණ කතන්දර හා සමාන වේ. ඔවුන්ට “පැහැදිලි දර්ශනය” නම් වචනයක් ඇත. නමුත් එය “දර්ශනයකින් තොර” වුවකි. ඔවුන් ද අද දත කන්නේ, වම් සහ දකුණු පක්ෂ 1948 ඉඳල මාරුවෙන් මාරුවට රස බැලු මේ මල කඳ එකවරක් හෝ ජනතාවගේ මුදලින් බදාගෙන රස විඳීමටය්. ශ්‍රී ලංකාව මේ අනුව වේසියක් නම්, යමක් ලැබේදෝ කියා, දෙපා පළල් කරන ඇයට තමාගේ අවැසිතා ඉටු කරගත් පාහරයෝ, කිසිත් නොදී ඇගෙන් ඉවත්ව යනවිට ළඟ ඉන්න තවත් වෙසියක් හා දුක කියමින් හැඩිම හැර වෙනත් කිසිත් ඉතිරි නොවන බව අපට විශ්වාසය්.
JVP සැමවිට දිනන අය ට කොක්ක ගැසූ ඔවුන් අද යූ.එන්.පී. ධනවාදී දේශපාලනය ඔස්සේ, බටහිර, තමනට අවනත නොවන රාජ්‍ය නායකයන් විනාශකරන නව සුත්‍රය වූ “දුෂණය ට එරෙහි සටන” නම් වූ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මුළු ශක්තියෙන් කටයුතු කරය්. මේ අනුව, ජේ.වී.පී. යනු ශ්‍රී ලංකාවේ ධනවාදයේ අදෘශ්‍යමාන ආරක්ෂක කණ්ඩායම ද? ඔවුන් බාලදක්ෂ කණ්ඩායම් සේ කටයුතු කිරීමට දක්ෂයෝ වෙති. දේශපාලනය කෙසේ වෙතත් සදාචාර ය උගන්වන තරුණ සංවිධානයක් සේ කටයුතු කරති. රණ්ඩුවට, වාදයට, විවාදයට එන්නේ ක්ෂණික කෝපයෙන් ගැටවරයන් මෙනී. මේ ගැටවර සටන් වලට ඔවුන් දක්ෂයෝ වෙති. ශ්‍රමදාන කරති. නමුත් ඔවුන් දේශපාලනය නොකරති. මොවුන් ධනවාදී දකුණේ පක්ෂ පවත්වාගෙන යන්නන් ට එරෙහි ජනතා සටන්න් දිය කර හරින්නෝ වෙති. මේ අනුව ජේ.වී.පී. ධනවාදය රැකදෙන අදෘශ්‍යමාන බලය බව පැහැදිලිය. මොවුන් සැමවිට ධනවාදය හංගාගෙන සමාජවාදයෙන් ජනතාව සමග කෙළින බව පැහැදිළිය.