අපි කුඩා අවදියේ ශ්‍රී ලංකාවේ සියලු ආගමික උත්සව සැමරීම සඳහා සුභපැතුම් පත්
නිර්මාණය කළෙමු. ඒවා අපේ හැකියාවන් අගය කළ ගුරුවරුන්ට යැව්වෙමු; මිතුරන්
අතරේ බෙදා ගත්තෙමු. එවක අපි මේ සඳහා “පොස්ට් කාඩ්” (තැපැල් පත්) වශයෙන්
හැඳින්වූ, තැපැල් කන්තෝරුවෙන් ම මිළදී ගතයුතු සුදු මතුපිටක් සහිත මුද්දරය
මුද්‍රණය කළ කාඩ් පත් පාවිච්චි කළෙමු. මේ දළ සටහන් වලින් සකස් කළ සුභපැතුම්
පත් අප ළඟ නැත. නමුත් එක් කරුණක් පැහැදිළිය්: ඒ මෙය්න් පසු අපි කිසිදු
ආගමික උත්සවයක් සඳහා සුභපැතුම් පත් නිර්මාණය නොකළ බවය්. මිට ප්‍රධාන හේතුව
නම් අපේ පුද්ගලික ජීවිතය, පවුල් සබඳතා, මිතුරු මිතුරියෝ, ජාතික සහ
අන්තර්ජාතික සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික මාන සහ ලෝකය ආදී සියල්ල වෙනස්
වීමට භාජනය වන යුගය ආරම්භ වීම බව සිතේ.