Monday, 8 February 2016

CONVERSATIONS with Sinhala Sangedama (ideas on a video): Ajith Rohan JTF, Rome

සංවාද සටහන් උපුටන

මේ සටහන යෙදුවේ “සිංහල සංගේදම” විසින් ෆේස් බුක් ඔස්සේ ප්‍රචාරය කළ විඩියෝ පටයක් සම්බන්ධවය්.

ආචාර්ය චමිල ලියනගේ මහතා කී පරිදි, මාසයකට ආසන්න කාලයක් පුරාවට සූදානම්ව කළ කතාවේ අන්තර්ගතය පිලිබඳ යමක් ලියන්න සිතුනේ, එතුමා, දැනට ශ්‍රී ලංකාවේ පැහැදිළිව ම මතුවී ඇති අසහනකාරී තත්වය ට හේතු සහ ඒ වෙනුවෙන්, කිසිදු දේශපාලන හෝ වෙනත් වාසි ලැබීමේ පටු චේතනාවෙන් තොරව (එසේ යය් විශ්වාස කරමු), ජනතාව දැනුවත් කිරීම ඇතුළු විවිධ විසඳුම් සෙවීමට ඉදිරිපත් වී ඇති කණ්ඩායමක් නියෝජනය කරන බැවිණි. ආචාර්ය තුමා පොදුවේ ගත් විට කවුරුත් දන්නා ජනප්‍රිය අදහස් පෙළගස්වා යමක් කියන්නට උත්සහ කළ බව පිළිගත යුතුය. මෙහිදී ආචාර්ය තුමා පර්යේෂණයන්නට දෙන ලද නිර්වචනය පිලිබඳ අප පුදුම වෙමු. එය ඇසිමෙන්, එම කතාව මාසයක් පුරාවට සුදානම් වී කළ කතාවක ට වඩා, ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියේ ෆේස් බුක් විඥානය නියෝජනය කළ කතාවක් බව පැහැදිළි විය. මේ අනුව, ආචාර්ය චමිල ලියනගේ මහතා ට පර්යේෂණ කිරිම යනු ෆේස් බුක් එකේ පෝස්ට් තේරුම් ගැනීම වේ (සන්දර්භයට අනුව?). එසේම ආචාර්ය තුමා ම කියන අයුරින් එතුමා කතා කළේ ප්‍රබුද්ධ පුද්ගලයන්ට මිස ගමක දායක සභාවකට නොවේ (සභාවේ සිටි ප්‍රබුද්ධ පුද්ගලයන් මේ ගැන කරදර විය යුතු නොවේ). එම නිසා යටි ගිරියෙන් කෑ ගැසීමට අවැසි නොවන බවත්, සන්දර්භය තේරුම් ගැනීමට අවැසි තොරතුරු ලබා දීම කළ යුතු බවත් පැවසිනි. එතුමා ඒ අනුව, ශ්‍රී ලංකාවේ, පොදුවේ නගරබද ෆේස් බුක් පාවිච්චි කරන මධ්‍යම පන්තියේ ඉච්ජා භංගත්වය දල වශයෙන් ප්‍රකාශ කරන පෝස්ට් වල එන අදහස්, ප්‍රබුද්ධ යය් එතුමා ම හැඳින්වූ පිරිසකට ඇද බෑවේ යය් කිවොත් අතිශයෝක්තියක් නොවේ. කරුණාකර සටන් කරන්න යන්න පෙර හොඳින් සුදානම් විම අවශ්‍ය බව නිතර මතක් කර ගන්න. ප්‍රබුද්ධ පිරිස් මේ අයුරින් සුදානම් කරන්නේ නම් ගමේ දායක සභාවකෙසේ දැනුවත් කරය් ද? එකකට එකක් පරස්පර විරෝධී අදහස්, සටන් පාඨ, ජනප්‍රිය අදහස් ආදිය ඇද බෑම සටන් කිරීම හෝ සුදානම් විම හෝ නොවේ, එය සටන් දිය කිරීම වේ. කෙසේ නමුත්, ඉදිරියේ දී වත්, පොදුවේ කාටත් පිළිගත හැකි හොඳින් සුදානම් වූ ජනතා දැනුවත් කිරීම් සිදුවේ නම් ඒ අපේ රට ට කරන යහපතක් බව කියමු. ස්තුත්ය්.


සිංහල සංගේදම අජිත් රෝහන ජේ ටී එෆ් මහතාණන්ගේ පිළිතුර අපගේ සැළකිල්ලට භාජනය විය. එය කදිම පිළිතුරකි. පළමුව ස්වකීය අදහස් පළකිරීමට එතුමා (හෝ ඕනෑම) පුද්ගලයකු සතු අයිතිය අපි පිළිගනිමු. ඒ අදහස් දැක්වීම වැදගත්ය. එය අපගේ ඉදරි කටයුතු සංවිධානයේදී බෙහෙවින් වැඩ දායකය. 

සිංහල සංගේදමේ භාවිතාව සම්බන්ධයෙන් එතුමා දක්වා ඇති අදහස්ද, ප්‍රස්තුක දේශනය සම්බන්ධයෙන් එතුමාට උද්ගතවී ඇති අර්බුධයද අවභෝධ කර ගැනීම උගහට නොවේ. මේ දේශනය පැවැත්වූ සන්ධර්භය, එතැන සිටි පිරිස (දායක සභාවක් නෙවේයැයි කීමෙන් විශේත කොට දක්වා එම ග්‍රාහක පිරිසට ලබාදුන් අර්ථකතනය අනුව අදහස් වූයේ එතැන සිටින්නේ ශුද්ධ හෝ සමාජ විද්‍යා හෝ මානව ශාස්ත්‍ර පශ්චාත් උපාධි හදාරනළ පර්ශේෂන ක්‍රමවේදයන්හි කෙළ පැමිණි පිරිසක් බව නොවේ), හෝ අඩුමතරමින් සමස්ථ දේශනයම නො අසා ස්වකීය පර්යේශන පාන්ඩිත්‍යත්, ඒ පාන්ඩිත්‍යය තුළ මේ දේශන මාලාවේ සමාරම්භක අවස්ථාව ඉතා උපක්‍රමශීලි සූක්ෂම ක්‍රමයකින් හෑල්ලුවට ලක්කිරීමටත් අජිත් රෝහන මහතා ගෙන ඇති උත්සාහය ප්‍රශස්ථය. සිංහල සංගේදම හෝ එහි විද්වතුන් වෙනුවෙන් ඉදිරි වැඩඩසටහන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට එතුමා ඉදිරිපත්වීම අප තුළ මිශ්‍ර හැගීම් ඇති කරන්නටත්, එතුමා නියෝජනය කරන (හෝ අභාසය ලබා ඇති) සමාජමතවාදය පිළිබඳ ඉගියක් ජනනයටත්, එතුමා පසුපස සිටින්නන් පිළිබද අදහසක් ලබා ගැනීමටත් පසුබිම සකසයි. සමාජමිතික පර්යේෂණ සම්බන්ධයෙන් අපි එතුමාට වෛෂයික දේශනයක් පවත්වා, අන්තර් ජාලයේ නිරීක්ෂන පර්යේශනාත්මක නිමිති වන්නේ කෙසේද යන්න වටහා දීමටැ ඉදිරිපත් නොවෙමු. එහෙත් ඉදිරියේදී අප පවත්වන දේශන සඳහා සහභාගි වන්නටද, ඒවාගේ අඩුපාඩු පෙන්වා අප ගමන ශක්තිමත් කරන්නටද ආරාධනා කරමු. තෙරුවන් සරණයි! 

(ප.ළි - අපි සදය විචේනන අගයමු. නිර්දය විවේචන බෙහෙවින් අගයමු. කුහක විවේචනද ඉවසමු)



අපගේ පිළිතුර - 08. 02. 2016 Rome, Italy.


පළමුවෙන් ඔබගේ වගකිවයුතු පිළිතුර සම්බන්ධව සතුටු වෙමු. නැවතත් මේ ගැන සාකච්චා නොකර සිටීමට සිතුවත්, මෙම පිළිතුරේ අප පිලිබඳ සහ අපගේ අදහස් සම්බන්ධයෙන් නිර්මාණය කරගෙන (දිය කොරහේ කිඹුලන් දැකීම, මිතුරෝ, සතුරන් සේ දැකීම: paranoid or/and narcissistic visions) ඇති රුපය ගැන යමක් කීම වටනේයය් සිතුවෙමු. මේ ලියන “අපි”, තමා වටා තමාගේ සෙවනැල්ල පමණක් ඇති, ඒ ඒ රටේ නගරයේ සමාජ-දේශපාලනික-ආර්ථික-සංස්කෘතික සන්දර්භය සහ පොදු මිනිස් වටිනාකම් වලට ට සාපේකෂව අන්‍යොන්‍ය ගෞරවය සහ නිදහස මූළික සමාජ සම්බන්ධතා අගයන් වශයෙන් ඇති, ඕනෑම පුද්ගලයෙකුගෙන් ඉගෙනීමට, වටහා ගැනීමට සුදානම්, නම්‍යශීලි මානසිකත්වයක් උපතින් හිමි කරගත් ජිවිත කාලයම උපයන සෑම මුදලක් ම ඉගෙනීම සහ ශාස්ත්‍රීය පර්යේෂණ  වෙනුවෙන් යෙදු, ස්වාධින එක පුද්ගලයෙක් වේ. “අපි” වශයෙන් ප්‍රථම පුරුෂ බහු වචනය යොදන්නේ “මම” සිටින්නේ, අන් අය සිටින නිසා බැවිනි. ඒ හැර, අප පසු පස හෝ ඉදිරි පස හෝ කුමන හෝ පසෙකින් හෝ කිසිවෙකුත් නැති බව කියමු. අපි, ඔබ සංවිධානය සහ ඔබ වැනිම, අප ඉපදුනු, සැමදා ගෞරවයෙන් ආදරයෙන් සලකන, බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ සිංහලේ සංස්කෘතිය සහ ඉතිහාසය රැක ගන්නට කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ඇසුරු කරමු, ඒ අය කරන කටයුතු සක්‍රියව අගය කරමු. සංවාදය යනු අන්‍යොන්‍ය නිවැරදි කිරීම් (constructive critique) සඳහා සේම, තමා වටා සිටින “අන් අය” පිළිගැනීම සඳහා අප උපයෝගී කරගන්නා මාධ්‍යය වේ. විවේචනයෙන් කෙනෙකුව හෝ සංවිධාන හෝ අගෞරවයෙන් සැලකීම අපගේ අරමුණ නොවේ. නමුත්, කරන්නන් වාලේ කිරීම සහ අබල දුබල වූ සිංහල ජන විඥානය කපටි හෝ තිබෙන එකම ඇසද දුර්වල එකැස් යෝධයන්ගේ ගොදුරක් හෝ/සහ පිනුම් ගසන තෝතැන්නක් හෝ විම ට යන්නේ දැය් විමසිල්ලෙන් බලා සිටිමු.

අන්තර්ජාලය ගැන අප කියූ දේ නැවත කියවා බලන්න යය් ඉල්ලමු (අප විවේචනය කර ඇත්තේ කුමක් දැය් නිහතමානිව බලන්න). එවිට අන්තර්ජාලය එකම පර්යේෂණ විදිය වශයෙන් ඔබ කියා ඇති දේ ගැන වටහා ගත හැකි වේ යය් සිතමු. අන්තර්ජාලය අද බටහිර විශ්ව විද්‍යාල වල පිළිගත් එක් පර්යේෂණ මාධ්‍යයකි. ඒ ගැන අපට වෙනත් දැනුම් අවැසි නැත (ශ්‍රී ලංකාවේ දැනට ඇත්තේ බටහිරින් කොපි කළ අධ්‍යාපන ක්‍රමයක් බැවින්, අපට මේ ගැන බටහිරින් ඍජුවම දැන ගත හැකී වූ බව පවසමි). අප ඔබට, එනම් ඔබගේ අනාගත කටයුතු සම්බන්ධව කිසිදු නිර්දේශයක් කර නැත්තෙමු. විද්වතුන් (?) තව දුරටත් ඔබ මෙන් අන්තජාල පර්යේෂණ, එනම්, ෆේස් බුක් පෝස්ට් තේරුම් ගැනීම ඔස්සේ ම ජනතාව දැනුවත් කරන්නෝ නම් ඒ ඔබගේ නිදහසය්. එසේම ඒ ඔබගේ සහ ඔබ අනුගමනය කරන්නන්ගේ ප්‍රශ්නයකි. නමුත්, පසුගිය සටහනේ අප බලාපොරොත්තුවක්, (නිවැරදි මං ඔස්සේ පර්යේෂණ කර- ෆේස් බුක් පෝස්ට් පමණක් නොවේ නිවැරදි තොරතුරු ලබා දේ යය් ?) ගැන සටහනක් තැබුවේ ප්‍රශ්නාර්ථයක සිටම බව මෙහි සටහන් කරමු.        


            

Tuesday, 19 January 2016

Post Colonial Education system, and needs of 21 century in Sri Lanka - Ajith Rohan JTF


1948 න් පසු නිදහස් අධ්‍යාපනය සහ 21 වන සියවසේ අවශ්‍යතා (සටහන් 01)

ප්‍රධාන ප්‍රශ්න: 21 සියවසේ අධ්‍යාපන අවශ්‍යතා: ළමා, තරුණ සහ වැඩිහිටි උසස් අධ්‍යාපන අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇති ඉඩ පහසුකම් මොනවාද? රැකියා කරන ගමන් උසස් අධ්‍යාපනය ලබන්න ලංකාවේ ඉඩ තිබේද? මේ සඳහා අවශ්‍ය නම්‍යශීලි දේශපාලනයක් සහ කාල සටහන් තිබේද? ශ්‍රී ලංකාව ධුරාවලි මානසිකත්වයෙන්, පන්ති, කුල හා ජාති පදනම් රහිත අධ්‍යාපනයකට සුදානම්ද? ලංකාව 21 සියවසට පිවිසි ද? ජනතාවගේ බදු බර සැහැල්ලු කරන ක්‍රම මොනවාද?

ප්‍රවේශය

1. ලෝකයේ කුමන හෝ රටක්, එම රටේ ජනතාවගේ රාජ්‍ය අනන්‍යතා පුහුණු වැඩසටහනින්”, එනම්, ප්‍රාථමික සහ අනිවාර්ය අධ්‍යාපනය (අවුරදු 16 දක්වා), අන් සතු නොකර රජය යටතේ පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය දෙයකි. මේ මගින්, එම රටේ, ඉතිහාසය, සංස්කෘතිය සහ වටිනාකම් පිලිබඳ අවබෝධය ලබා දීමෙන්, රට ට එක්වන නව පුරවැසියන් සහ රටේ වැඩිහිටි අය අතරේ අන්‍යොන්‍ය සන්නිවේදනය සහ සම්බන්ධතාවය අවම ගැටුම් වලින් යුතුව පවත්වාගෙන යාමට අවශ්‍ය වන වාතාවරණය සකස් වේ. අපගේ පර්යේෂණ වලට අනුව, භාෂා ඉගැන්වීම (සිංහල, දෙමල, ඉංග්‍රීසි, සංස්කෘත, පාලි, අරාබි, චීන, හින්දි, වංග සහ තවත්), ගණිතය නිර්මාණාත්මකව උගැන්වීම (දැනට ලෝකයේ සහ සිංහලේ උගන්වන ක්‍රිස්තියානි, ඉස්ලාම්, හෙබ්‍රෙව් දේවධාර්මික සංකල්ප වක්‍රාකාරව උගන්වන ගණිතය නොවේ), රටේ සම්පත් ගැන අවබෝධය සහ නිර්මාණශිලිත්වය වැඩි දියුණු කරන ක්‍රමෝපාය ආදි කරුණු මුල්වූ අධ්‍යාපනයක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බව පෙන්වා දෙමු. මේ මුලික අධ්‍යාපනය, රජයේ ප්‍රතිපාධන මගින් පවතවාගෙන යායුතුය (නමුත් එය ලෝකයේ සෑම රටකම එසේ සිදු නොවේ). ඒවගේම රටක අනාගත පරපුර, රාජ්‍ය සේවයට (ලිපි කරුවෝ, ගුරුවරු, රාජ්‍ය පරිපාලන නිළධාරීන්, බටහිර ක්‍රමයට පුහුණු කළ වය්ද්‍යවරු, ගොඩනැගිලි, මාර්ග, කානු ආදීය ගොඩනගන්න සැලසුම් නිර්මාණය කරන අය ආදී) පමණක් සිමා නොකර, නිර්මානශිලිව සිතන පරපුරක් බවට පත් කිරීමට රටේ ප්‍රාථමික අධ්‍යාපන සැලසුම් සකස්වේ නම් යහපත් වන බව පැහැදිලිව පෙනේ. මෙවන් ප්‍රාථමික අධ්‍යාපනයකින් උසස් අධ්‍යාපනයට පිවිසෙන පුද්ගලයා නිදහස් සහ නිර්මාණශීලි පුද්ගලයෙකු වීමේ ප්‍රවනතාවය වැඩිය. එසේ නොමැතිනම්, තව දුරටත්, ශ්‍රී ලංකාව පම්පෝරි ගසමින් යටත්විජිත ආණ්ඩුවල සේවය කරන්න අවශ්‍ය ශ්‍රමිකයෝ පුහුණු කිරීමට සැලසුම් කළ අධ්‍යාපනය ම තලු මරමින් පවත්වාගෙන යන බව පැහැදිලිය. අධ්‍යාපනය පිලිබඳ රටේ ජාතික ප්‍රතිපත්ති ඉතා හොඳින් සැලසුම් කර, ක්‍රියාත්මක නොකර සිටින ශ්‍රී ලංකාව කොය්ය්බට යන්නේ දැය් ඇයද නොදනී. නමුත් අපට පෙනේ. ශ්‍රී ලංකාව තොමෝ, තවමත්, කුල, පන්ති, ඇති නැති, බලවත් දුබල යන අන්ත වල ගැටෙමින් එලෝ විකාරෙන් මෙලෝ අත ගාමින් අන්ධකාරයේ අත පත ගාමින් ගමන් කරන්නීය. ඇගේ දෙතනින් පෝෂණය වන්නෝ කුහකයෝ මැ වූයෙන්, ඇය දිගින් දිගට ඇගේම රුධිරයෙන් පෝෂණය වන්නන් විසින් දුෂණයට ලක්වෙමින් සිටින්නීය.
 

2. අනිත් පැත්තෙන්, බටහිර මිනුම් දඬු වලට අනුව ලිවීමේ කියවීමේ හැකියාව පමණක් ලබා ඇති ලෝකයේ මුල් පෙලේ ජාතියක් විමෙන් ශ්‍රී ලංකාව ලැබූ ප්‍රතිඵල මොනවද? සිදුව ඇත්තේ, ශ්‍රී ලංකාව බටහිරයන්ට ඔවුන්ගේ අධ්‍යාපන යටත්විජිතවාදය අනෙක් රටවල දේශනා කරන්නට නියැඳියක් විම පමණි. සිරි ලංකවේ මිනීසුන් තවමත් කුල, පන්ති, ඇති නැති, උගත්, නුගත්, රාජ්‍ය, පෞද්ගලික ආදී බෙදීම් වල සිට ඔවුනොවුන් අතරේ කා කොටා ගනිති. එසේම, වත්මන් අධ්‍යාපන ක්‍රමය මගින්, සිසුන් තුළ මුලික වශයෙන් ජනිත කරන්නේ ඉච්ජාභන්ගත්වය සමග තමා සහ සමාජය ගැන වෛරය පමණක් බව පැහැදිලිය. 1948 සිට රටේ අනාගතය බාරගන්න අයව, තම අනාගතය ගැන බිය වුනු පිරිසක් වශයෙන් එලියට දමය්. දැනට පවතින තරඟ විභාග ක්‍රමය මගින් ජාති වාදයට, කුල වාදයට සහ ජර්මනියේ නාසි වදයට වඩා භයානක අන්දමින් ළමා සහ තරුණ පිරිස් සාමාන්‍ය ජිවිත ප්‍රවාහයෙන් ඉවතට තල්ලුකර දමය්. ඔවුන් මෝඩ තකතිරුවෝ වශයෙන් සමාජය ට පෙර, ඔවුන්ටම ඒත්තු ගන්වන්නට ක්‍රමොපායෝ සකස් කර ඇත. අසාර්ථක පුද්ගලයන් බවට පත් පුද්ගලයෝ බොහෝවිට මෙහෙකාර කමට රට පැටවෙති (එසේ කිරීමට ඔවුන්ව පොලඹවනු ලැබෙය්). මේ තකතිරුවන් තම ජිවිතේ පුදා හොයන ඩොලර්, දිනාර්, යූරෝ වලින් කුහකයෝ සාජ්ජ දමති. සැබෑ කරුණු මෙසේ වුවද කිසිවෙකුත් කිසිවක් නොකරති. විභාග හුදු සටහන් කට පාඩම් කර වමාරන ක්‍රමයෙන්ම පවත්වාගෙන යති. මින් නිර්මාණශිලිත්වය කෙසේ වෙතත්, ඉගෙන ගන්නා තුළ තමා ගැන හෝ විශ්වාසයක් ජනිත නොකරය්. මේ ක්‍රමයෙන්, අලුත් දෙයක් බිහි කරන පිරිස් බිහි කරන්නේ නැත. නවතත් කිව යුත්තේ, මේ ක්‍රමය හුදු රජයේ බදු වලින් යැපෙන, රජයේ සේවා පවත්වාගෙන යන්නට අවැසි පුද්ගලයන් බිහි කර ගැනීමක් සඳහා පිළියෙළ කළ බටහිරයෝ ශ්‍රී ලංකාවට දායාද කළ ක්‍රමයම හෝ එහි යම් යම් වෙනස් කම් කළ කොපියක් බවය්.

3. උසස් අධ්‍යාපනය, නිදහස් විය යුතුය. නමුත් "නිදහස් අධ්‍යාපනය" යන්නෙන් එය අනිවාර්යයෙන් රජයේ මුදලින් (ජනතාවගේ බදු වලින්) පවත්වාගෙන යාමක් අදහස් වේ යැය් නොසිතමු. නිදහස් අධ්‍යාපන සංකල්පයෙන් සිදුවිය යුත්තේ, සින්හලේ මානසිකත්වයේ පැලපදියම්ව ඇති කුල, පන්ති, උසස් පහත්, ඇති නැති, ආදී පටු බේධ නිශේධ කර සමානත්වයෙන් යුතුව රටේ භාෂාව, සංස්කෘතිය, ගැටුම් සාකච්චා කිරීමෙන් අවම හෝ සමතයකට පත් කරන ක්‍රම ඉගෙනීම, තම පරිසරය ගැන වඩා පර්යේෂණාත්මක අයුරින් ඉගෙනීම ආදි දේ ඉගෙනීමට රටේ ජිවත්වන, උපදින හෝ පිටතින් එහි ජීවත්වීමට පැමිණෙන අයට දොර හැරීමකි. එයට රාජ්‍ය සහ පෞද්ගලික සහභාගිත්වය ලබා ගත යුතුය. අධ්‍යාපනය හුදු ජීවත්වීම සඳහා එකිනෙකා පරයා නැගී සිටියයුතු තරඟයක් නොවන බව වටහා දෙන්න හැකි බුද්ධිමත් මිනිසුන් ශ්‍රී ලංකාවේ නැති බව පැහැදිලිව පෙනේ. විභාග, හුදු, සටහන් කට පාඩම් කර වමාරන ක්‍රමයෙන් බැහැරව පවත්වාගෙන යාමට කිසිදු අවධානයක් මෙතෙක් යොමු කර නැත.
 

4. අනෙක් පැත්තෙන්, අධ්‍යාපනයේ සම්පුර්ණ බර පැන ජනතාවගේ බදු මගීන් පියවාගෙන යන ක්‍රමය ශ්‍රී ලංකාව වැනි රටකට අවාසි සහ දැඩි අර්බුධ ගෙන එන ක්‍රමයකි. අප දන්නා පරිදි, අවුරුදු 05 සිට ප්‍රථම උපාධිය දක්වා වියදම් දරන්නට ජනතාවට සිදුව ඇත. මේ බර පැන සඳහා, කුහක අයුරින් රටේ අධ්‍යාපනයෙන් මෝඩ තකතිරුවන් වශයෙන් ඉවතට තල්ලු කරන ලද ජනතාව විශාල මෙහෙයක් කරති. එනම්, ඔවුන් කුඩා කාලයේ සිට වැඩ කර හෝ, විදේශ ගතවී හෝ රටට මුදල් සොයා දෙති. මේ නිසා, අද මේ ගැන නැවත සිතිය යුතු කාලය එළඹ ඇත. මේ දිනවල රජයේ මුදලින් පවත්වාගෙන යන විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න සිසු සිසුවියන් පෙළපාලි යමින්, මාලඹේ පෞද්ගලික වෙද විදුහල රජයට ගන්න යය් කීම බුද්ධිමත් ව හිතා කියන දෙයක් නොවන බව පැහැදිලිය. ඔවුන්ගේ කුහක සහ මානය රටේ පොදු වැරදි වටිනාකම් වලින් පැන නැගුනු ඒවා බව ම පෙනේ. එනම්, තමන් අධ්‍යාපන තරගෙන් දිනා, ජනතාවගේ මුදලින් ඉගෙනගන්නට තරම් දක්ෂ වූ යේ යය් උදම් අනන පුහු මාන්නයය්. ලෝකයේ, බොහෝ බුද්ධිමතුන්, විද්‍යාඥයන්, නව සොයා ගැනීම් කළ අය, දාර්ශනිකයන් රැකියා කරමින් විශ්ව විද්‍යාලයකට හෝ නොයමින් ස්වෝත්සාහයෙන් උගත්තෝ වෙති. උදාහරණයකට, මහා ගත් කරු ජි. බි. සේනානායකයෝ, 14 වන වියේදී පාසල අත්හල 18 වන වියේදී කොළඹ පුස්තකාලය තම විශ්ව විද්‍යාලය කරගෙන ස්වෝත්සාහයෙන් උගෙන මහා ප්‍රාඥයෙක් වූයේය. අද ජනතා බදු මුදල් වලින් පවත්වා ගෙන යන, විශ්ව විද්‍යාල වල සටහන් කට පාඩම් කරන්නන්ට මේවා විහිළු සේ පෙනෙනු ඇත. එවන් උසස් චින්තනයක් ගොඩ නගාගන්නට මුල් වෙන්නේ යහපත් චරිතයය්. තරමක් දුරට පවුල් පරිසරය ද මිට හේතු විය හැක. මිට අමතරව, අප පෙර කී ක්‍රමවත් සහ නිදහස් ප්‍රාථමික අධ්‍යාපනයකින් මෙවන් නිදහස් නිර්මාණශීලි පුද්ගලයින් බිහි විම වැඩි කරගන්නට හැකිය.
 

5. මේ අතරේ, මාලඹේ පෞද්ගලික වෙද විදුහල රජයට පවරාගන්නට යය් කියමින් පෙළපාලි යන ජනතා බදු මුදලින් ඉගෙනගන්න සිසු සිසුවියෝ බටහිර පන්නෙට ඇඳ පැලඳ පුවත්පත් සාකච්චා පවත්වති. මේ පවරාගැනීම කලොත්, එය ක්‍රියාත්මක කිරීම සඳහා රජයට මුදල් සපයා ගත යුත්තේ තව තවත් ජනතාවට බදු පැටවිමෙන් බව ඔවුන්ට දැනගන්නට අවැසි නැත. ඔවුන්ගේ සිහිනයද ජනතා මුදලින් ඉගෙනගෙන, ඔවුන්ගේ මනෝ රාජ්‍යයෝ ගොඩනගා ගැනිමය. කෙසේ වෙතත්, මේ කුහක සහ ඊර්ශයාව පෙරදැරි කරගත් අසාධාරණ, ශ්‍රී ලංකාවේ වැඩවසම්, පන්ති සහ කුල මානසිකත්වය යටත්විජිත පදමනම් අනුව මෙහෙයවීමේ ප්‍රතිඵලයෙන් උපන් සටන් ලොප් කළ යුතුය. මෙවන් කුහක පුද්ගලයෝ, ජනතාව මත තව තවත් බදු පටවන්නට හේතු වෙති.

රජයේ වීශව විද්‍යාල වල ඉගෙන ගන්න අය, සාධාරණය සහ අසාධාරණය ද ඔවුන්ගේම පන්ති මානසිකත්වයෙන් හදා ගත් වටිනාකම් මත තක්සේරු කරන බව පෙනේ. ඇතුලෙත් ගැට පිටත් ගැට! අපි පැහැදිලිව දන්නා පරිදි, දැනට, පොදුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඒකාකාරී වේ, එනම්, නිර්මාණශීලි නොවේ. ඉන් රජයට අවශ්‍ය සේවකයන් ඇති දැඩි කරගැනීම මුලික අරමුණ වේ. අනෙක් පැත්තෙන්, විශ්ව විද්‍යාල ලේබලය, තමන්ට නැති හෝ තිබී නැතිවූ පන්ති හෝ කුල ශක්තිය ලබා ගන්නට මාර්ගයක් නොවන බව තේරුම් ගන්නට හැකි නම් රටට කරන යහපතකි. උපාධි ලේබලයෙන් ලංකාවේ ප්‍රභූ වන්දනාමානසිකත්වයෙන් වාසි ලබා ගන්නට තරම් පහත් මානසිකත්වකින් පෙළෙන්නේ නම් එය ජාතියේම අවාසනාව වේ.
 

6. රටක් පවත්වාගෙන යන්නට සේවා අත්‍යවශ්‍ය වේ. නමුත්, රට ඉදිරියට ගෙනයන්නෝ නිර්මාණශීලි නිදහස් පුද්ගලයෝ බව අමතක නොකළ යුතුය. කණගාටුවට කරුණ නම්, ශ්‍රී ලංකාවේ ව්. විද්‍යාල වලින් පිටවන අය ජනතාවගේ බදු වලින් යැපෙන ක්‍රම මතම යැපෙන්න හිතන අය විමය්. ඔවුන් රජයේ බදු වලින් යැපෙන, රජයේ රැකියාවක් නොලැබුනොත්, තමන් අසාර්ථක  බව සිතති. නමුත් පැහැදිලිව කිව යුත්තේ, නිදහස් අධ්‍යාපනය යනු ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන ජනතාවට කොකා පෙන්වන ක්‍රමය නොවන බවය්.