අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රී ලංකාවේ ජනතා ද්‍රෝහී හා අත්තනෝමතික දේශපාලනයේ පිළිබිඹුව වේ.
අපි මිට මොහොතකට පෙර පූජ්‍ය පාහියන්ගල
ආනන්ද සාගල හිමියන් හා වත්මන් ශ්‍රී ලංකා රජයේ, කර්මාන්ත හා වාණිජ කටුතු
පිළිබද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතර වූ විවාදය
අන්තර්ජාලය හරහා නැරඹුවෙමු. ඉන් අපට වැටහුණු ප්‍රධාන කරුණ නම්, ශ්‍රී ලංකාවේ ඇත්තේ
ජනතාවට වග කියන රජයක් නොව, මැති ඇමති වරුන්ට අත්තනෝමතික ව කටයුතු කළ හැකි, ජන බලය
දුෂිත අයුරින් පාවිච්චි කළ හැකි අරාජික තත්වයක් බවය්. විශේෂයෙන්, අපට පෙනෙන්නේ සිංහල
නායකයින් “කුඩු කෑ” උන් සේ හෝ “ගලේ පහරා හසු වූ බළලුන්” සේ ක්‍රියා කරන්නේ, බටහිර/උතුරු
ඇමෙරිකානු බලය, NGO, INGO, මානව අයතිවාසිකම් නාඩගම
හා ද්‍රවිඩ ඩයස්පෝරාවේ බලය යොදා කරන ලද මානසික බියගැන්වීමේ ක්‍රියාවලිය සාර්ථක වූ නිසා
බවය්. ඔවුන්ගේ මොළ හෝදා, කටවල් වසා ඇත, අත පය බැඳ ඇත. ඔවුන් නිකම්ම නිකම් රූකඩ හා නිකමෝ
පමණකි. ඔවුන් වෙනුවෙන් තීරණ ගන්නෝ බටහිර හා උතුරු අමෙරිකානු බලවතුන් හා මානව
අයතිවාසිකම් නාඩගමේ කට්ටිය හරහා ඩයස්පෝරාවේ කොටි වෙති. මේ තත්වය, “කල දුටු කල වල
ඉහගන්න” මුස්ලිම් ජනතාවට මගුල් කෑ හැකි අවස්ථාව වී ඇත. “ඌරො කැකුණ තලන කොට, හබන්
කුකුළන්ට ජය මගුල් වේ”.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පෙන්වූ
පරිදි ලංකාවේ “හිංගල බල්ලෝ” වන විනාශයේ යෙදෙති. එය පැහැදිළි සත්‍යකි. “ගුරා ඇවිදිමින්
හුජ්ජ කරන විට, ගෝලයෝ දුවමින් හුජ්ජ කිරීම” කාටද නවත්වන්න හැකි. සාගල හිමියන් මෙම විවාදයට
කරුණු දැක්වීමට උත්සහ කළා මිස උන්වහන්සේගෙන් වැඩි යමක් අපට අසන්නට හෝ දකින්නට
නොතිබිණි. නමුත්, මින් මා අදහස් කරන්නේ සාගල හිමියන් සතු නිවැරදි හා සත්‍ය කරුණු
තිබුණු නමුත්, විවාදය ගමන් කළ ආකාරයට එතුමා දහසක් කරුණු අතර අතරමන්ව සිටි බවය්. යම්
හෙයකින් උන්වහන්සේ සංක්ෂිප්ත ව හා තාර්කිකව කරුණු පෙන්වා දුන්නේ නම් අමාත්‍ය තුමා
එතුමාගේ political black rhetoric හරහා ජනතාව නොමඟ
යැවීමේ ප්‍රයත්නය වලක්වන්න තිබිණි. එනම්, අප මොහොතකට පෙර අමාත්‍ය තුමාගේ FB එකටද ගොස් බලු
විට දක්නට ලැබුනේ ජය පැන් බොන වාතාවරණයකි. ගරු ස්වාමින් වහන්සේ කළ යුත්තේ ගරු
ඇමතිතුමාට විරුද්ධව නඩු පැවරීමය්. මෙහිදී ලංකාවේ නීතියද බල්ලාට, බටහිරට, උතුරු
ඇමෙරිකාවට, NGO, INGO, මානව හිමිකම් නාඩගමට,
ද්‍රවිඩ ඩයස්පෝරාවට ගිහින් නැත්තනම්, ශ්‍රී ලංකාවේ පරිසරයට හා ලංකවේ වෙසෙන ජනතාවට සාධාරණයක්
වෙතැය් සිතමු.
No comments:
Post a Comment
We invite you to share your thoughts in the comments below! Please keep your contributions respectful, kind, and connected to the ideas explored here, whether it’s the art of seeing, the depths of philosophy, or the reflections we weave together. We deeply value your feedback and look forward to the insights you bring to this creative and intellectual journey!