URGENT ATTENTION!

Save Humanism and Human World - by Ajith Rohan J.T.F.

Towards a Complementary Humanism    Common Objective   "Save humanity and the human world." By "human world," we refer t...

Sunday, 3 January 2016

SUNNI, SHIYA WAR, KORAN AND SRI LANKA - By Ajith Rohan JTF, Rome






1. සුන්නි, ශියා යුද්ධය, කොරානය සහ ශ්‍රී ලංකාව


1.1. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු, එහි බහුතර බලය, ඒ අයගේ සිංහල ලේ සම්බන්ධය (ප්‍රධාන වශයෙන් සිංහල ස්ත්‍රීන් ඔස්සේ), බෞද්ධ සංස්කෘතියේ බලපෑම ආදී කරුණු නිසා සුලභව හෝ ප්‍රකටව මුලධර්මවාදී ක්‍රියා කරනු දක්නට නැත (නැත්තේ නොවේ. මුස්ලිම් ගම්මාන වලට යන පිට ජාතිකයන්ට විශේෂයෙන් සිංහල අයට හිරිහැරවන අන්දමින් කටයුතු කිරීම නිතර අසන්නට ලැබෙන අතර, ශ්‍රී ලංකාවේ ජිවත් වූ කාලයේ අපට පුද්ගලිකවම විඳින්නට වූ හිරිහැර අමතක කළ නොහේ. මේ අතීත සිදුවිම් ගෙන හැර දැක්වුයේ පළි ගැනීමක්, කේන්තියක් නිසා නොව යතාර්ථය පෙන්විමටය්). පෙනුමෙන් සියල්ල හොඳින් ගලා යන බවක් පෙනේ. නමුත්, කිසිවෙකුත් අමතක නොකළ යුතු කරුණක් වන්නේ ඊයේ, එනම්, 02. 01. 2016 සෞදි අරාබියෙන් යළි ඇවිලුණු සුන්නි හා ශීයා යුද්ධය හා මේ සියල්ලට මුලික වූයේ කොරානය වීමය යන්නය්. එනම්, විවිධ මුස්ලිම් යුද්ධමය මානසික තත්වයයෝ පොදු කොරානයෙන් මැ පැමිණෙන්නෝ වෙති.    

1.2. සුන්නි හා ශියා වෙනස ගැන අප සටහනක් තැබුවේ මිට දින කීපයකට පෙරය. මේ අනුව, වඩා මුලධර්මවාදී ව ඉස්ලාම් ඉගැන්වීම් ක්‍රියාත්මක කරන, අකුරටම කොරානය පිළිපදින පිරිස් (බල ලෝභී මුලිම් එලිට්), ඔවුන්ගේ වැළලී ගිය ඉස්ලාම් අධිරාජ්‍යය යළි ගොඩනැගීමේ බලාපොරොත්තු, සාමාන්‍ය මුස්ලිම් ජනයා, විශේෂයෙන් තරුණ පිරිස්  තුළ රෝපණය කර, ඔවුන්ගේ අවශ්‍යතාව සපුරාගන්නට, මොළ හේදීමේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යනු ඇත. මෙහිදී ඉමම්වරු ඔස්සේ පාසල් හා මුස්ලිම් පල්ලි තුළ ක්‍රියාත්මක වන ඉගැන්වීම් ගැන වටහා ගත යුතුය.

1.3. අපගේ ඍජු අත්දැකීම් අනුව, අපට කිව හැක්කේ, කොරානයේ ඉගැන්වීම් වෙත පුද්ගලයින් මුලධර්මවාදීව යොමු වනුයේ බොහෝ හේතු කරණකොටගෙන බවය්. මුලික වශයෙන් රටක අසාර්ථක සහ අදුරදර්ශී දේශපාලනය, රට හා රටේ ජිවත්වන ජනතාව ගැන අවංක වැටහීමක් නැතිකම, දේශපාලනය බිස්නස් එකක් කර ගැනීම, බටහිර බලපෑම් සහ අත පෙවිම් ආදී කරුණු ඔස්සේ ජනතා ද්‍රෝහී රූකඩ ආණ්ඩු බිහිහිවිම ප්‍රධාන කරුණකි. මේ ඔස්සේ, තරුණ පිරිස් අපේක්ෂා භංගත්වයට, ඉච්ඡභංගත්වයට පැමිණීමත් මේ ඔස්සේ තමා පිළිබඳවත් සමාජය හා දේශපාලනය පිළිබඳවත් ක්‍රෝධය, වෛරය සා ද්වේශය ඇතිවිමත් වැළැක්විය නොහැක. මේ කරුණු මුස්ලිම් අයට පමණක් සිමා වූ දේ නොවේ. මේ නිසා, අද ලෝකයේ සමාජ, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ස්ථාවරය ඇතිකරගන්නට සාමාන්‍ය ජනතාව අවදි කළ යුතු ව ඇත. අපි මේ ලිපිය ලියන්නේ කිසිදු ජාති, කුළ, ආගම් හෝ පන්ති වෙනසක් ගැන සිතා හෝ එවන් පටු බේද ඇතිකරන්නට හෝ සිතා  නොවේ. නමුත්, වඩා වැදගත් කරුණු කීපයක් ගැන වටහා ගන්නටය්. මුලික වශයෙන්, සෑම පුද්ගලයෙකුගේම පුද්ගල වෙනස, සිතුම් පැතුම්, ඔහු/ඇය අයත්වන ආගම, ජන කොටස, භාෂාව ආදී සියලු වෙනස්කම් ඇති බව පිළිගනිමු. වෙනස යනු, අප වෙන් කරන දෙයක් නොව, අප එකිනෙකාව සම්පුර්ණ කරන සහජීවනයට අත්‍යවශ්‍ය ස්වභාවන්ම ඇතිවූ දෙයක් බව අපි පිළි ගනිමු. මේ නිසා අපි ප්‍රඥාව, බුද්ධිය, දයාව සහ කරුණාව ආදී කරුණු පදනම් කරගත්, පරිසර හිතකාමී, මිනිස් සමාජ ගොඩනගා ගත යුතු වෙමු. අන්‍යොන්‍ය ගරුත්වය, තමාගේ නිදහස සහ අන් අයගේ නිදහස ගරුකරන ප්‍රජාතන්ත්‍රවාදී දේශපානය එම සමාජ තුළ ක්‍රියාත්මක කළ යුතුවෙමු. බලලෝභී, දුෂ්ට. ජාති හා දේශ ද්‍රෝහී දේශපාලනය අවසන් කළ යුතු වෙමු.        

1.4. අප මිනිස් ලෝකය වශයෙන් හඳුන්වන පරාසය ග්‍රහණය කරගන්නට අපහසු දෙයකි. එය ඉතාම සංකීර්ණ මිනිස් හැසිරීම් වලින් සැදී ඇත. අනෙක් පැත්තෙන් ලෝකය වශයෙන් අපට ජනමාධ්‍යය ඔස්සේ පොම්ප කරන සංකල්ප සහ රූප, සාමාන්‍ය ජනතාව තව තවත්, අප පෙර කී, ක්‍රෝධය, වෛරය සහ ද්වේශය වෙතම යොමු කරන කාරක වේ. ඒ කුමන හේතුවක් නිසාද? 21 සියවස වශයෙන් හඳුන්වා, අපට අපේ ලෝකය වශයෙන් පෙන්වූ දේ, අපේ නොවේ විම ප්‍රධාන කරුනය්. මේ කියන අපට මවා පෙන්වන ලෝකය, සුළුතරයක් වූ ලෝක බලවතුන්ගේ බලකොටුවය්. මේ බලකොටුවෙන් පිටත සිටින අය කුල්මත් කරන්නට සහ බෙදා වෙන් කොට, අවුල් සහ එකිනෙකට එරෙහි මානසික තත්ත්වක් ඇති කර, තමා සමග එකට දුකින් ජිවත් වන සහෝදර සහෝදරියන් සතුරන් සේ සලකන්නට හුරු කරන්නට, මේ සුළුතරය (එලිට් එක) අවුල් සහගත දේශපාලනය සහ ජන මාධ්‍යය ට අමතරව ආගම සහ ආගමික නායකයන්, ගුරුවරුන්, කලා කරුවන්: නළු නිළියන්, ගායකයින්, ලේඛකයන්, කථිකයන්, සමාජ වෙබ් අඩවි ආදී දේ යොදා ගන්න බව වටහා ගත යුතුය. මේ ඔස්සේ ඔවුන්ට අවැසි සමාජ පාලනය පහසුවෙන්ම ළඟ කර ගනී. මේ අනුව, 21 වන සිය වසට පැමිණියෝ කවුරුන්ද? පැහැදිලිවම, දුක් විඳින, තම ශ්‍රමය, ධනය, දු දරුවන් පූජා කරමින්, ඕනෑම රටක පාලක පැලැන්තිය (එලිට්) රකින සාමාන්‍ය ජනතාව නොවේ.

1.5. මේ අනුව, ලෝකයේ වඩා ම පසු ගාමී තත්වයක පවත්වාගෙන යන ආගමික ජන කොටස වන්නේ මුස්ලිම් ජනයාය්. ඔවුන්ට කොරානයෙන් එහා යන්නට ඉඩ දෙන්නේ නැත. බල ලෝභී ඉස්ලාම් ආගමික නායකයන්  ඔස්සේ, මුස්ලිම් ජාත්‍යන්තර පොදු පැලැන්තිය විවිධ රටවල සිටින සාමාන්‍ය මුස්ලිම් ජනතාව නොමග යවති. (අනෙක් පැත්තෙන්, හෙබෙව් වරු ලෝකයේ පිරිසිදුම ජාතිය වශයෙන් සිතති. හෙබ්‍රෙව් වරයෙක් උපදිනවා මිස “වෙන්නේ” නැත. මේ අනුව බලන කල, ඉස්ලාම් එතරම් භයානක නොවන සේ පෙනුනත්, ඒ වෙනුවට කොරාණය උගන්වන්නේ තම ආගමට නොහැරෙන අයව මරාදමන්නට බව මතක තබා ගනිමු. ක්‍රිස්තියානි ආගම කාලයත් සමග ඔවුන්ගේ අපරාධකාරී මාර්ග වෙනස් කරගෙන වඩා ශිෂ්ටාචාරවත් වෙමින් පවතින නිසා මේ ඔස්සේ ලෝක පල්ලි ප්‍රජාව ඔස්සේ බටහිර බලපෑම් ගෙන ඒම නොවේ යය් නොසිතිය යුතුවෙමු. කැළේ මාරු වුනාට කොටින්ගේ පුරුදු වෙනස් වෙන්නේ නැත). මේ ඔස්සේ උදාහරණයකට, විවධ ජාති, ආගම් හා මති මතාන්තර ඇති නමුත් පොදු සංස්කෘතියක් බෙදා ගන්න ශ්‍රී ලංකාව වැනි රටක, සාමාන්‍ය ජනයා අතර අන්‍යොන්‍ය සහජීවනය, සොහෝදරත්වය  සැමවිටම ලෝක පාලක පැලැන්ති (එලීට්) වලට නොදිරවන කරුණක් බව වටහා ගනිමු. 

1.6.  නිගමන
මේ නිසා, ශ්‍රී ලංකාවේ මුස්ලිම් වැසියෝ සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය පිළිගෙන කටයුතු කරන ස්වාධින ශ්‍රී ලංකික ඉස්ලාම් භක්තිකයෝ නම්, කතිකාවක් කැඳවා හෝ එවන් ක්‍රමයක් මගින් කොරානයේ අශිෂ්ට, ත්‍රස්තවාදයට, අන්තවාදයට සහ ජාතිවාදයට පොළඹවන දේ ඉගැන්වීමෙන් වැළකීමට කටයුතු කළ යුතු බව අපගේ හැඟීමය්. මේ ගැන රටේ අනෙක් සහෝදර ජනයා සමග අදහස් බෙදා ගන්නේ නම් ඉතාම අගය කොට සලකමු. ශ්‍රී ලංකාවේ, ඉන්න බටහිර පදයට නටන, කල දුටු කල වල ඉහගන්න, මුළු ලංකාවම විනාශයට ගෙනයන දේශපාලකය්න්ගෙන් රට බේර ගන්නට පෙරට පැමිනෙනේ නම් අගය කරමු. ඒවගේම ශ්‍රී ලංකික මුස්ලිම් ජනයා ඔවුන්ගේ සුළුතරය ගැන නොසිතා, ශ්‍රී ලාංකිකයෝ ලෙස සිතා, ශ්‍රී ලංකාවේ සංස්කෘතික, දේශපාලනික, පාරිසරික අනන්‍යතාවය රැක ගන්නට මුළිකව කටයුතු කරන්නට පටන් ගත යුතුය. ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරී බව රැකගන්න සටන් කළ යුතුය. මෙතෙක් එවන් හඬක් අපට ඇසී නැත.                    

No comments:

Post a Comment

We invite you to share your thoughts in the comments below! Please keep your contributions respectful, kind, and connected to the ideas explored here, whether it’s the art of seeing, the depths of philosophy, or the reflections we weave together. We deeply value your feedback and look forward to the insights you bring to this creative and intellectual journey!