URGENT ATTENTION!

Save Humanism and Human World - by Ajith Rohan J.T.F.

Towards a Complementary Humanism    Common Objective   "Save humanity and the human world." By "human world," we refer t...

Wednesday, 4 July 2018

Voice of minister Vijayakala Maheshwaran and Democracy of Sri Lanka - by Ajith Rohan J.T.F., Rome

minister V. Maheshwaran (google image)

විජයකලා මහේෂ්වරන් හඬ සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිරූපය

වනිතා හා ළමා කටයුතු ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇගේ වේදනාත්මක ප්‍රකාශයෙන්, ඇත්ත වශයෙන්ම L.T.T.E. යනු ලෝකයේ බිහි වූ කෘර ත්‍රස්තවාදී සංවිධානයක් වුවත් ඔවුන්ගේ ත්‍රස්ත බලයෙන් ආවරණය කළ, උතුරේ ජනතාවට අද නැති, නමුත් අතවශ්‍ය කරුණක් ගෙනහැර දක්වයි. එය සුරක්ෂිත බවින්, ගෞරයෙන් සහ එකතරා දුරකට හෝ බියෙන් තොරව ජීවත්වීමේ නිදහසයි (මේ ගැන කොටි සංවිධානයට විරුද්ධව කවුරු කුමන තර්ක ගෙනහැර දැක්වුවත් ඊට පිළිතුරු දීමට අප සුදානම්). මේ මුළික කරුණ ලෝකයේ ඕනෑම ප්‍රජාතත්‍රවාදය ඇති රටක ජනතාවට, ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය මගින් ලබාදෙන සහ ලබා දිය යුතු අත්‍යවශ්‍ය සතිකය වේ. එනම් මේ මගින් විශ්ව මානව අයිතිවාසිකම් පිළිගෙන ක්‍රියාත්මක විය යුතුය. මිනිස් නිදහස ආරක්ෂා විය යුතුය. ශ්‍රී ලංකාවේ මෙය සුරැකි ඇත්ද? මානව අයිතිවාසිකම් සුරැකේද? ළමා අයිතිවාසිකම් සහ කාන්තා අයිතිවාසිකම් සුරැකි ඇත්ද? ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් ද? ශ්‍රී ලංකාවේ L.T.T.E. ත්‍රස්ත කණ්ඩායම මැඩ පැවැත්වූ පසු පාතාල කල්ලි සහ කළු දේශපාලනය හට ගත්තේ කෙසේද?

ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට උතුරේ සාමානය ද්‍රවිඩ සහ අනෙකුත් ජනයාගේ උදව් ලැබුණු බව කවුරුත් දන්නා කරුණකි. ඔවුන් එසේ උදව් කළේ සුරක්ෂිත සහ යහපත් අනාගතයක් උදෙසා බව ද කිව යුතු නොවේ. නමුත් අද ශ්‍රී ලංකාවේ උතුරේ නීති විරෝදී කණ්ඩායම්, කොටි වැනි කොටි සංවිධාන වල හිස එසවීම්, ළමයින් දුෂණය කිරීම සහ ළමයින් මරා දැමීම, කාන්තා හිංසනය, කාන්තාවන් දුෂණය කිරීම, මරා දැමීම ආදී දේ දිනපතා ඇසීමට දැකීමට සුලභ දේ බවට පත්ව ඇත. උතුර කබලෙන් ලිපට වැටුනේද (ඉතාලි කියමනකට අනුව: නොදන්නා දේව දුතයන්ට වඩා දන්නා යක්කු හොඳ වේ.)? දකුණේ තත්වය මීටත් වඩා දරුණු වී ඇත. මේ බව දිනපතා පුවත් පත් සහ අනෙකුත් මාධ්‍යන්ගෙන් දිනපතා අසන්න ලැබේ. මුළු ලංකාවම ජිවත් වීමට නොහැකි තැනක් බවට පත් වී ඇති සෙයක් පෙන්වයි. මේ සියල්ල ආචාරසම්පන්න ජනයාට ඇසීමට දැකීමට අප්‍රසන්න පිළිකුල් දේ වේ.
අද ශ්‍රී ලංකාවේ පාතාලයේ බලය ඉතාලියේ ඇති මාෆියා සංවිධාන (කෝසානොස්ත්‍ර, න්ද්‍රන්ගේත, සාක්‍රා කොරෝන උනීතා, නුඕවා කමොර්රා ඔර්ගනීත්සාත, නුඕවා මාෆියා කම්පානා ආදී පාතාල සංවිධාන) තත්වයට පැමිණ ඇත. මෙවන් සංවිධාන ඉතාම දැඩි ලෙස ත්‍රස්ත බලයෙන් සුරැකෙන ධුරාවලියකින් යුතු වේ. ඔවුන්ගේ සාමාජිකයින් හෝ ඔවුන්ගේ ඍජු හෝ වක්‍ර බලපෑම රජයේ සෑම බලවත් ආයතනයකටම ඇතුල් කරන්නට ඔවුන් පසුබට වෙන්නේ නැත. මේ අනුව රාජ්‍ය නිලධාරි වෙසින් හෝ ජනතා නියෝජිතයින් ලෙසින් හෝ පාතාලය රටක ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ගේ අවශ්‍යතාවන්ට පාවිච්චි කරනු ඇත. එය දුර්වල කරමින් පවත්වාගෙන යනු ඇත. මේ ඔස්සේ රටේ බලය කුමන අයුරින් හෝ ලබාගෙන සිය කටයුතු මෙහය විම පාතාලයේ ස්වභාවයයි. මෙයින් කියවෙන කනගාටු දායක දේ නම්, මේ සියලු දෙයින් පිඩා විඳින්නෝ සාමාන්‍ය ජනතාව වීමයි. එයිනුත් ඕනෑම මිනිස් සමාජයක ළමා සහ කාන්තා ස්ථර මේ වක්‍ර සහ සැඟවුණු අරාජික තත්වයෙන් පිඩා විඳින්නෝ වෙති.

මෙසේ කියන්නේ, ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක් අනිවාර්යයෙන් ජනතාවට ජීවත්වීමට අවශ්‍ය සුරක්ෂිත සමාජයක් සකස් කර ඒ දිගට පවත්වාගෙන යා යුතුය යන්න මූළික කරුණක් නිසාවෙනි. සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය ආරක්ෂාව, අන්යෝන්ය වශයෙන් අවම වශයෙන් නිත්‍යනුකුලව හෝ ගරු කරමින් තමාගේ සහ අනිත් පුද්ගලයින්ගේ නිදහසට ගරු කරන සමාජයක් බිහි කළ යුතුය. එසේම, සමාජයේ රැකවරණය අත්‍යවශ්‍ය වූ ළමා, සහ කාන්තා පිරිස් රැකීමට කටයුතු යොදා තිබිය යුතු සේම ඒ ක්‍රියා මාර්ග දිනපතා ක්‍රියාත්මක වන බවට එම රජය සහතික විය යුතුය. මේ සඳහා ජනතතාව රජයට බදු මුදල් දී ඔවුන්ව නඩත්තු කරයි. මේ අනුව වනිතා හා ළමා කටයුතු ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කුමක් කියන්නේ දැයි වටහා ගත යුතුය.

අපි දැනට ජිවත්වන ලෝකයේ දියුණුම රටවල් 8න් එකක් වන ඉතාලියේ දුප්පත් ජනතාව සමග ඍජු සංවාද ඔස්සේ අප එකතු කළ තොරතුරු ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කියන්න උත්සහ දරන දේ හා සමාන වේ. මේ දුප්පත් ජනතාව ද වක්‍රාකාරව, මේ රටේ අකර්මන්‍ය සහ සිය යුතුකම් ඉටු නොකරන රජයන්ට වඩා පාතාල කණ්ඩායම් අගය කරන තත්වයට පත්ව ඇත. මිට හේතුව ජනතාවගේ එදිනෙදා ප්‍රයෝගික ප්‍රශ්න ක්ෂණයකින් විසඳා දෙන්නට මේ අපරාධ කල්ලි සමත් වීම දැක්විය හැකියි. ඔවුන් රජයේ නිලධාරින් මෙන් පගා ගන්නේ නැත. එසේම අවි බලයෙන් වක්‍රාකාරව හෝ ජනතාවට ආරක්ෂාව සපයා දෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ බදු මුදලින් සහ ජනතාවගේ ජිවිත හිලව් කර රට රටවල් වලින් ලබා ගන්න (වසර 40 තිස්සේ හිඟ අයවැයක් ඇති ශ්‍රී ලංකාව?) ණය වලින් සුඛෝපබෝගී ජිවිත ගත කරන පාර්ලිමේන්තුව ජනතාවට අඩුම ගනනේ නිදහසේ ජිවත්විමට අවශ්‍ය වාතාවරනයවත් සකස් කිරීමට සමත් නොවී ඇති බව ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ වචන වලින් පසක් වේ. කරුණු එසේ වන විට විනය පරීක්ෂණ පැවැත්වීම ආදී විගඩම් කිරීමෙන් රජයේ අමන මරි මෝඩ අත්තනෝමතික ක්‍රියා ආරක්ෂා කරගෙන ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය වැනි අය නිහඬ කර තවදුරටත් ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රියා කරගෙන යනු මිස අනාරක්ෂිත දුක්විඳින ජනතාවට, මේ පය බරවායට පිටිකර බෙහෙත් ගල්වන හොර වෙදුන්ගෙන් වන කිසි සෙතක් නොවන බව ඉතාම පැහැදිළිව පෙනේ. මේ වැදගත් කාරණයේදී විපක්ෂයද හැසිරෙන්නේ කුහක සහ කයිරාටික අන්දමිනි. ඔවුන් විජය කලා නම් පුද්ගලයෙක් දිහාවට ඇඟිල්ල දික් කරනවා මිස ඇගේ එම ප්‍රකාශ වලට හේතු වූ කනගාටුදායක කරුණු ගැන වචනයක් හෝ පවසා නැත. ශ්‍රී ලංකාවේ සියලු දේශපාලකයින් දෙස විමසිල්ලෙන් බලන විට මේ ගැන ඔවුන්ට දැනීමක් හෝ නැති නම් ඒ ගැන පුදුම වියයුතු ද නැත.

No comments:

Post a Comment

We invite you to share your thoughts in the comments below! Please keep your contributions respectful, kind, and connected to the ideas explored here, whether it’s the art of seeing, the depths of philosophy, or the reflections we weave together. We deeply value your feedback and look forward to the insights you bring to this creative and intellectual journey!